අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි උමගෙන් එලියට ඇවිත් මේ ලෝකයේ සැබෑ එලිය දැක්කවුන් කියලා. අපි තවමත් උමග ඇතුලට වෙලා කරුවලේ අතපත ගගා හිනාවෙන උඹලට කෑගහල කියනවා එලියට වරෙව් කියලා. ඒත් වෙලාවකට හිතෙනවා උමගෙන් එහා අපි දකින ලෝකය තවත් උමගක්මද කියලා. මේ දකින එලිය, මේ දකින අහස, පොලොව, ගස් වැල්, හැම දේම ඒ උමගේ බිත්තිවල පාට පාට වලින් ඇඳපු චිත්ර ටිකක් විතරක් නම්... ?
හිනාවෙලා ඉන්න කියලා උමගෙන් එලියට ආව අපි අද අඬනවා. උමග ඇතුලට වෙලා තාමත් කරුවලේ ඉන්න උඹලා මොන හේතුවකටද මන්දා හිනාවෙනවා. අඳුරේ මායාව උඹලා විඳිනකොට යථාර්ථයේ එළියෙන් අපිට රිදෙනවා. ඒත් උඹලා හිනාවෙලා ඉන්නවා කියලා අපි ආපහු උමග ඇතුලට එන්න කැමති නෑ. එලියට ආවයි කියලා එලියේ ඉන්නත් බෑ. එලියෙම ඉන්නවද ඇතුලට යනවද කියලා හිත හිත අපි හැමදාම එකතැන කැරකෙද්දී උඹලා ඔය හිනාවෙන්නේ අපිව දැකලද මන්දා.
"උඹ ජීවත්වෙලා ඇති තේරුම මොකද්ද?"
"උඹ මැරිලා ඇති තේරුම මොකද්ද?"
පියල් දැකපු හීනෙ දැන් මමත් දකිනවා. ඔව්. හැමදාම දකිනවා. එලියට ආපු දවසට උඹලත් දකී...
- Wired-in Warrior -
Tweet
same problem that um having :) great one,, short , but so true :)
ReplyDeleteThis is what I call Short and Awesome.... :)
ReplyDelete