Wednesday, November 28, 2012

ආදරයේ අංශු මාත්‍රයක්.....



තාරුකා වියනට ඉහළ අහසින්
ඈත ඉදන් හරි හදිස්සියෙන්
ඔබ ආවා........
ආදරයේ අංශු මාත්‍රයක්.....ආවා........

මේක ලියන්න පටන් ගත්තේ මොකද කියල මට අවංකවම කිසි අදහසක් නෑ. පෝයත් පහුවුණා ඊයේ ඉතින්. චාටර් ට්‍රේන් රයිඩ් එකකට පස්සේ බෝර්ඩින් ප්ලේස් එකේ ඇද උඩට වෙලා පොළවේ ගහපු ගෙම්බා සේ පතබෑවිලා ඉන්නකොට ආපු ඔටෝ චූන් එකක් මම හිතන්නේ.

ඒකෙන් මේකෙන් වැඩක් නෑ. කථාවට බහිමුකො. ආදරය, ඉතාම සුන්දර මාතෘකාවක්. දැන් මේක කියවන සමහරක් අය කියයි මේ මොන බූරු කථාවක්ද කියලා. ඔව්, ඒක ඇත්ත. සුන්දර ආදරය අසුන්දර අත්දැකීමක් වීම අද සමාජයේ දුර්ලභ දර්ශනයක් නෙවෙයි. ලව් එෆෙයාර් එකක් පටන් ගන්න ලේසියි. මොඩර්න් ලව් ස්ටෝරි ගොඩක් දුරට ඒ වගේ. ෆැෂන් එකට පටන් ගන්නවා. ගැඹුරක් නැතිව. මේ කියන තරුණියත් එහෙමයි. දුර ඈතක ඉදන් ඇය මේ තරුණයාගේ ජීවිතයට එන්නේ ඔහු හීනෙන්වත් නොහිතපු ආකාරයකට. ඔවුන් ඉතාමත් ඉක්මණින් පෙම්වතුන් බවට පත්වෙන්නේ බොහෝම සුළු කාලයක් ඇතුළත ඔවුන්ටත් නොදැනීමය. මොඩර්න් ඩෙප්ත්ලස් ලව් ස්ටෝරීස් වගේ නෙවෙයි. මේ අහින්සකයා ඒ කෙල්ලට පණ වගේ ආදරය කරනවා. ඔහු කවමදාකවත් අත්නොදුටු ඒ සුන්දරතම ආදරය හීනයක් වගේ ඔහු අඹියසට ඇවිත්. ආදරයේ අංශු මාත්‍රයක්......නමුත්, ඒ තවත් එක් අංශුමය මාත්‍රාවක්.....

ව්‍යාකරණ නැති
කැඩී බිදී විසිරී ගිය
භාෂාවක හිරවී.....ඔබ ආවා....
ආදරයේ වචන මාත්‍රයක්....තරම්......

හීන ලෝකයක් මවන්න බොහෝම ලේසියි. ඒ හීනයම කඩා බිඳ දමන එක ඊටත් වැඩිය ලේසියි. අපේ කථානායකයටත් වෙන්නේ ඒ වගේම දෙයක්. අංශුවෙන් අංශුව ඔහු මැවූ හීනය ඔහුගේ ඇස් පනාපිටම බොඳවෙන්න පටන් අරන්. කියා ගන්න දාහකුත් දේවල් ඇති. නමුත් ඒ දේ කෙසේ කොහොම වචන වලට පෙරලන්නද කියන එක ඔහුම දන්නේ නෑ. ආදරය, ඔහු කවරදාකවත් නොදුටු හීනයක්. නමුත් ඔහු නොහිතූ අයුරින් ඒ හීනය ඔහුගේ දෙපාමුලම හැබෑවෙන්න පටන් අරන්. ලස්සන හීනයක් දකින්න අපි කවුරුත් ආසයි. නමුත් ඒ හීනය ඇස් පනාපිටම කැඩී විසිරෙන ආකාරය බලා ඉන්න පුළුවන් කාටද? ඔහු ඇය සමඟ මැවූ ලෝකය ගොඩනැගුවාට වඩා වැඩි වේගයකින් කඩා බිඳ වැටෙන්න පටන් ගත්තේ ඔහුටද නොදැනීමය. ආදරය හුදෙක් වචන මාත්‍රයක්ම පමණක්ද? මේ අහින්සකයාගේ ආත්මය සිසාරා යන්නේ ඒ වදන් පෙල පමණි. ඔහු වදන් ගොළුවී ගොසිනි. පෙම් බැන්ද ඒ සුරංගනාවිය කොයිබදද? ළඟ ඉතිරි වී ඇත්තේ.......ආදරයේ වචන මාත්‍රයක්ම...පමණි.

ඇහිපිල්ලමකටවත්...අවසරයක්
තිබුණ් නෑ....හරි හදිස්සිය.....
ලොබ රැදුණා......
ඇසිල්ලකින්...........

 නිමේශයක් පමණි. එක් නිමේශයක් පමණි. ඇහිපිල්ලමක් ගසන්න තරම්වත් මේ තරුණයාට අවස්ථාවක් නැහැ. සිදුවන්නේ කුමක්ද කියා වටහා ගන්නට තරම් හයියක් ඒ හිතට නැහැ. නමුත් ඔහු එකම එක දෙයක් දැන සිටියා. ඒ ඔහු ඇයට සිය පණටත් වඩා ආදරය කරන බව. ඇය නැතිව එක් තත්පරයක් වත් ජීවත් වන්නට ඔහු දැන සිටියේ නැහැ.

මායාවයි ඔබ.. ඇසුරු සැනින් මිය යන්නට නියමිත
මා.......ඔබ ඉම්බා...........
ආදරයේ.............අංශු මාත්‍රයක්....
දැණුනේ නෑ............

ඉතින් මේ කථාවේ අවසානය ලඟා වෙලා. ඒ හීනය මායාවක්ම පමණක් බව ඔහු දැන් දන්නවා. මායාව....ඔහු එහි ගැඹුරටම ගිහින්. මේ හීනය තාවකාලික බව ඔහු දැන් දන්නවා. නමුත් ඇය, ඔහු පැතුවේ ඇයව පමණි. ඒ දෙතොල් මත එදා දැණුනු උණුසුම අද දැනෙන්නේ නැති බව ඔහුට වැටහී ගිහින්. ආදරය තවත් එක් ශූන්‍ය මිරිඟුවක්ම පමණක්ද? ඒ ආදරය නැමති හීන මාළිඟාව ඔහුගේ ඇස් පනාපිට බිඳ වැටෙන්නේ ඒ හීනය රැක ගැනීමට ඔහු දරන අහින්සක ප්‍රයත්නය ගැන සත පහකවත් හැගීමක් නොමැතිවය. ඔහු දැන් බිඳී ගොස්. ආදරයේ අංශු මාත්‍රයක් වත් ඔහුට දැන් දැනෙන්නේ නැහැ.

ඉතින් මේ අද සමාජයේ ඉන්න රෝමියෝ ජූලියට් ලා. වත්මන් සමාජයේ තිබෙන ප්‍රේම පුරාණ බොහොමයක් මේ වගේ. ඩෙප්ත්ලස්..... මීනින්ග්ලස්... තරන්නන් වාලේ ලව් කරනවා මිසක් ඒවාට වැඩි පැවැත්මක් නෑ. ඒත් ඒ අතර මේ වගේ සිරාවට ලව් කරලා උපරිම විදිහට ඩිප්රෙස් වෙන කොල්ලෝ කෙල්ලොත් ඉන්නවා. 

මේ ආර්ටිකල් එක ඒ වගේ අහින්සක හදවත් වෙනුවෙන්......

ගීතය - ආදරයේ අංශු මාත්‍රයක් - ඉන්ද්‍රචාප ලියනගේ
"How I wonder what you are" Theme song


 Shadow Warrior - Fight for the truth that you believe in, even if you are standing alone against the tide









2 comments:

  1. එකොළහ වසරේදී මම ලියපු පොඩි නිසදැසක් මතක්වුනා...

    - ෆැෂන් ප්‍රේමය -
    නොකර බැරි කමට පෙම් කෙරුවා.
    කරලා බැරි කමට අත ඇරියා.

    සුපිරි ලිපියක්! ජයවේවා!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete