වැලිතල අතරේ, හෙමිහිට
අතීතයෙන් ගලා බසිනා
නේරංජන නදියේ ඉවුර දෙපස
සිඳි බිඳි සිනා සුණු
සුදු පෙණ පොකුර
සොරබොර වැවේ පෙති ඉහිරුණු
සුදු නෙළුම කෝ
කියමින් ඉකිබිඳියි...
ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ
පාළුව තනිකම කුටියට ඇවිදින්...
සිහින සතක් මැද විමනේ
ඒ සොඳුරු ස්වරය
පමණක් ඉතිරිකරමින්,
සොදුරු මිනිසෙක්
සිහින නොපෙනෙන
සදාතනික වූ
නින්දට අත වනයි...
මින්දද හී සර සිඳි යද්දී
කුමරියක පා සළඹ බිදී යද්දී...
ඔහු නැති සොවින් තැවෙන
මහළු වී නැති කොළොම්තොට,
මළහිරු බසිනා සැන්දෑ යාමේ
අඳුරට ඉඩදී
අඳුරේ සැගවී
අපගෙන් වෙන්වී සමුගන්නා,
ජීවිත පොකුණේ
සිහින නෙළුම් මල
අඳුරු සළු පටින්
සඟවා ගනී...
ඉරට මුවාවෙන් ඉදගෙන
දුක් ගී ලියන්නට
සොහොන් කොතේ ඉඩ මදිය...
දැයට ඒ මධුර වූ
ස්වරයෙන් ගැයූ ගී
අද ඔහු නමින් ගැයෙද්දි,
තත් සිදුණු සිතාරය
පපුවට තුරුළු කරන්
උණු කඳුළු අතරින්
සෑය බැන්දෙමු
ඔබේ නමින්...
වක්කඩ ළඟ තාලයට නැටූ
තිත්ත පැටවු සැගවී ගොසිනි
වළාකුලෙන් විදුලිය කොටද්දි
වැට වට කළ කටරොළු මල් පරවී වැටුණි
කලූ යළි සිනාසෙන්නේ නැත.
ගඟ පිරෙන්න කදුළු වැහි වහිද්දී
සන්නාලියන්ගේ වෙවුලන දෑත් අඟ
සොඳුරු ගණ්ධර්වයකුගේ
මිනිය වසන්නයි
සුදු මැලි පාට සළුව වියෙන්නේ...
සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි...
සීතල හද එළියේ
සන්නාලියන් වියූ
ඒ සීතල සළු පට ගත දවටා
සංසාර ගමනේ
අවසාන තොටුපළේ නවතා ඇති
ඔරුවෙන්,
ඒ සොදුරු කලාකරුවා
රහසේම එගොඩ වෙයි...
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ....
කුණු කය නිසරුයි නැත පවතින්නේ
කල හොද පමණයි
මෙලොව රැදෙන්නේ..
සදාතනික සත්‍යයයි බුදුන් දෙසූ,
මග හල නොහැක්කේ...
ලොවක් සුවපත් කර
ජීවන ගමනට තිත තබා
දැයෙන් සමුගන්නා
හෙළයේ අසමසම ගාණ්ධර්වයාණෙනි
සේකරයන්, කේමදාසයන්
කළු ගඟ හරහා පීනාගෙන
ඔබ එනතුරු...
නදියේ එහා ඉවුරට වී
බලාගෙන ඇති...
ඒ නොගැයූ පදවැල් වලට
ඒ නොවැයූ තනුවලට
ඔබේ ස්වරයෙන් පණ දෙන්නට...
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
හෙට ගැයෙන ඒ ගායනා
හන්තානේ කඳු මුදුන සිසාරා
එන පවනේ මුසු කර
අපටත් අසන්නට
මදක් ඉඩ දෙන්න...
නිවනට මග දුරයි නම්
නැවත එනු මැනවි...
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී
ඔබ එන මඟ බලා සිටින
ලක් මෑණියන්ගේ තුරුළටම
නැවත එනු මැනවි...
“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා“
ඉතින්, පණ්ඩිත් විශාරද ඩබ්ලිව්.ඩී. අමරදේව නම් වූ හෙළයේ මහා අසමසම ගාණ්ධර්වයාණෙනි...
සංසාර ගමනේ කොතැනක හෝ සංගීතෙන් අපි යළි හමුවේවා...
නිවනට දුර බොහෝ නොම වේවා...
ඔබට සුබ ගමන්...
(ඡායාරූපයේ අයිතිය මුල් හිමිකරු සතුවන බව කාරුණිකව සලකන්න)
පාළුව තනිකම කුටියට ඇවිදින්...
සිහින සතක් මැද විමනේ
ඒ සොඳුරු ස්වරය
පමණක් ඉතිරිකරමින්,
සොදුරු මිනිසෙක්
සිහින නොපෙනෙන
සදාතනික වූ
නින්දට අත වනයි...
මින්දද හී සර සිඳි යද්දී
කුමරියක පා සළඹ බිදී යද්දී...
ඔහු නැති සොවින් තැවෙන
මහළු වී නැති කොළොම්තොට,
මළහිරු බසිනා සැන්දෑ යාමේ
අඳුරට ඉඩදී
අඳුරේ සැගවී
අපගෙන් වෙන්වී සමුගන්නා,
ජීවිත පොකුණේ
සිහින නෙළුම් මල
අඳුරු සළු පටින්
සඟවා ගනී...
ඉරට මුවාවෙන් ඉදගෙන
දුක් ගී ලියන්නට
සොහොන් කොතේ ඉඩ මදිය...
දැයට ඒ මධුර වූ
ස්වරයෙන් ගැයූ ගී
අද ඔහු නමින් ගැයෙද්දි,
තත් සිදුණු සිතාරය
පපුවට තුරුළු කරන්
උණු කඳුළු අතරින්
සෑය බැන්දෙමු
ඔබේ නමින්...
වක්කඩ ළඟ තාලයට නැටූ
තිත්ත පැටවු සැගවී ගොසිනි
වළාකුලෙන් විදුලිය කොටද්දි
වැට වට කළ කටරොළු මල් පරවී වැටුණි
කලූ යළි සිනාසෙන්නේ නැත.
ගඟ පිරෙන්න කදුළු වැහි වහිද්දී
සන්නාලියන්ගේ වෙවුලන දෑත් අඟ
සොඳුරු ගණ්ධර්වයකුගේ
මිනිය වසන්නයි
සුදු මැලි පාට සළුව වියෙන්නේ...
සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි...
සීතල හද එළියේ
සන්නාලියන් වියූ
ඒ සීතල සළු පට ගත දවටා
සංසාර ගමනේ
අවසාන තොටුපළේ නවතා ඇති
ඔරුවෙන්,
ඒ සොදුරු කලාකරුවා
රහසේම එගොඩ වෙයි...
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ....
කුණු කය නිසරුයි නැත පවතින්නේ
කල හොද පමණයි
මෙලොව රැදෙන්නේ..
සදාතනික සත්‍යයයි බුදුන් දෙසූ,
මග හල නොහැක්කේ...
ලොවක් සුවපත් කර
ජීවන ගමනට තිත තබා
දැයෙන් සමුගන්නා
හෙළයේ අසමසම ගාණ්ධර්වයාණෙනි
සේකරයන්, කේමදාසයන්
කළු ගඟ හරහා පීනාගෙන
ඔබ එනතුරු...
නදියේ එහා ඉවුරට වී
බලාගෙන ඇති...
ඒ නොගැයූ පදවැල් වලට
ඒ නොවැයූ තනුවලට
ඔබේ ස්වරයෙන් පණ දෙන්නට...
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
හෙට ගැයෙන ඒ ගායනා
හන්තානේ කඳු මුදුන සිසාරා
එන පවනේ මුසු කර
අපටත් අසන්නට
මදක් ඉඩ දෙන්න...
නිවනට මග දුරයි නම්
නැවත එනු මැනවි...
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී
ඔබ එන මඟ බලා සිටින
ලක් මෑණියන්ගේ තුරුළටම
නැවත එනු මැනවි...
“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා“
ඉතින්, පණ්ඩිත් විශාරද ඩබ්ලිව්.ඩී. අමරදේව නම් වූ හෙළයේ මහා අසමසම ගාණ්ධර්වයාණෙනි...
සංසාර ගමනේ කොතැනක හෝ සංගීතෙන් අපි යළි හමුවේවා...
නිවනට දුර බොහෝ නොම වේවා...
ඔබට සුබ ගමන්...
(ඡායාරූපයේ අයිතිය මුල් හිමිකරු සතුවන බව කාරුණිකව සලකන්න)
වැඩේ සුපිරි... මේ වෙනකම් සිහියෙන් ජීවත් වෙච්ච, මේක සිහියෙන් කියවන එකෙකුට සේරම මුල ඉඳන් අගට මතක් වෙයි..
ReplyDelete