වෙඩි මැද්දෙන් යනකොට
ළඟ වැටුණු මෝටාර් එකටයි
කකුල ගියේ...
ඇගිලි ගැලවුණ අත දැක්කම
ගෙදර තනියම ඉන්න
වයසක අම්මයි මතක් වුණේ
හමුදාවේ ගොඩක් කල්
හිටියෙ නෑ තමයි මම
කකුල් දෙක තිබ්බනම්
පණකෙන්ද තියනකන්
ගේම නවත්තන්නෙත් නෑ මම
බවුසරෙන් වතුර වදිනකොට
තනි කකුලෙන්
මම දුවන්නෙ කොහොමද?
කණ වෙච්ච ඇහෙන් කඳුළු වැටුණේ
ගෑස් වල සැරටම
නෙවෙයි මහත්තයෝ....
Monday, November 7, 2016
ගිහින් එන්න මාස්ටර්.....
අමර නැති සොවින්
ඉකි බින්ද
කොළොම්තොට අහස යට
දැයෙන් සමුගත්
ජාතියේ මහා
ගාණ්ධර්වයාණෙනි...
සංසාරේ
මතු දවසක
අපි ආයෙත් හමුවෙමු...
ගිහින් එන්න මාස්ටර්
ඔබට සුභ ගමන්....
ඉකි බින්ද
කොළොම්තොට අහස යට
දැයෙන් සමුගත්
ජාතියේ මහා
ගාණ්ධර්වයාණෙනි...
සංසාරේ
මතු දවසක
අපි ආයෙත් හමුවෙමු...
ගිහින් එන්න මාස්ටර්
ඔබට සුභ ගමන්....
සිතාරයේ තත් සිඳි ගියේය.....
වැලිතල අතරේ, හෙමිහිට
අතීතයෙන් ගලා බසිනා
නේරංජන නදියේ ඉවුර දෙපස
සිඳි බිඳි සිනා සුණු
සුදු පෙණ පොකුර
සොරබොර වැවේ පෙති ඉහිරුණු
සුදු නෙළුම කෝ
කියමින් ඉකිබිඳියි...
ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ
පාළුව තනිකම කුටියට ඇවිදින්...
සිහින සතක් මැද විමනේ
ඒ සොඳුරු ස්වරය
පමණක් ඉතිරිකරමින්,
සොදුරු මිනිසෙක්
සිහින නොපෙනෙන
සදාතනික වූ
නින්දට අත වනයි...
මින්දද හී සර සිඳි යද්දී
කුමරියක පා සළඹ බිදී යද්දී...
ඔහු නැති සොවින් තැවෙන
මහළු වී නැති කොළොම්තොට,
මළහිරු බසිනා සැන්දෑ යාමේ
අඳුරට ඉඩදී
අඳුරේ සැගවී
අපගෙන් වෙන්වී සමුගන්නා,
ජීවිත පොකුණේ
සිහින නෙළුම් මල
අඳුරු සළු පටින්
සඟවා ගනී...
ඉරට මුවාවෙන් ඉදගෙන
දුක් ගී ලියන්නට
සොහොන් කොතේ ඉඩ මදිය...
දැයට ඒ මධුර වූ
ස්වරයෙන් ගැයූ ගී
අද ඔහු නමින් ගැයෙද්දි,
තත් සිදුණු සිතාරය
පපුවට තුරුළු කරන්
උණු කඳුළු අතරින්
සෑය බැන්දෙමු
ඔබේ නමින්...
වක්කඩ ළඟ තාලයට නැටූ
තිත්ත පැටවු සැගවී ගොසිනි
වළාකුලෙන් විදුලිය කොටද්දි
වැට වට කළ කටරොළු මල් පරවී වැටුණි
කලූ යළි සිනාසෙන්නේ නැත.
ගඟ පිරෙන්න කදුළු වැහි වහිද්දී
සන්නාලියන්ගේ වෙවුලන දෑත් අඟ
සොඳුරු ගණ්ධර්වයකුගේ
මිනිය වසන්නයි
සුදු මැලි පාට සළුව වියෙන්නේ...
සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි...
සීතල හද එළියේ
සන්නාලියන් වියූ
ඒ සීතල සළු පට ගත දවටා
සංසාර ගමනේ
අවසාන තොටුපළේ නවතා ඇති
ඔරුවෙන්,
ඒ සොදුරු කලාකරුවා
රහසේම එගොඩ වෙයි...
ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ....
කුණු කය නිසරුයි නැත පවතින්නේ
කල හොද පමණයි
මෙලොව රැදෙන්නේ..
සදාතනික සත්‍යයයි බුදුන් දෙසූ,
මග හල නොහැක්කේ...
ලොවක් සුවපත් කර
ජීවන ගමනට තිත තබා
දැයෙන් සමුගන්නා
හෙළයේ අසමසම ගාණ්ධර්වයාණෙනි
සේකරයන්, කේමදාසයන්
කළු ගඟ හරහා පීනාගෙන
ඔබ එනතුරු...
නදියේ එහා ඉවුරට වී
බලාගෙන ඇති...
ඒ නොගැයූ පදවැල් වලට
ඒ නොවැයූ තනුවලට
ඔබේ ස්වරයෙන් පණ දෙන්නට...
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
හෙට ගැයෙන ඒ ගායනා
හන්තානේ කඳු මුදුන සිසාරා
එන පවනේ මුසු කර
අපටත් අසන්නට
මදක් ඉඩ දෙන්න...
නිවනට මග දුරයි නම්
නැවත එනු මැනවි...
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී
ඔබ එන මඟ බලා සිටින
ලක් මෑණියන්ගේ තුරුළටම
නැවත එනු මැනවි...
“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා“
ඉතින්, පණ්ඩිත් විශාරද ඩබ්ලිව්.ඩී. අමරදේව නම් වූ හෙළයේ මහා අසමසම ගාණ්ධර්වයාණෙනි...
සංසාර ගමනේ කොතැනක හෝ සංගීතෙන් අපි යළි හමුවේවා...
නිවනට දුර බොහෝ නොම වේවා...
ඔබට සුබ ගමන්...
(ඡායාරූපයේ අයිතිය මුල් හිමිකරු සතුවන බව කාරුණිකව සලකන්න)

වීරයෙකුගේ නික්ම යාම
“රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි“
නිල් පාට කොට කලිසමක් ඇඳගෙන වසර ගාණකට කළින් පොඩි පන්තියක යාළුවොත් එක්ක
මේ ගීතය ගායනා කරද්දී අපේ රට ජාතිය ගැන දැණුන ආදරයත් එක්කම මේ ගීතය ගායනා
කරන්නේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් කියලා ගුරුතුමී කියල දුන්න හැටිත්
චිත්‍රපටියක් වගේ මේ වෙලාවේ මැවිලා පෙනෙන බව මුලින්ම සදහන් කරන්නෙමු.
රැල්ලට දුවන සමාජයක අමරදේවයන් ගැයූ ගී මුළු රටක් සුවපත් කළ බව අවිවාදයෙන් යුතුව සිහිපත් කළ යුතුය. තමන්ටම ආවේණික වූ ගායන ශෛලියත් අංගචරන රසයත් එක්කර ගැයූ ඒ ගී අසමසම වන්නේ ඒ නිසාය.
“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා“ (සිරිසඟබෝ නාට්‍යය ධර්ම බුදුන්ගේ නමින් මුල් ගායනය හර්මන් රාජපක්ෂ) වාදනය නොවන උත්සවයක් නැති තරම්ය. බුදුගුණ, ජාතිකානුරාගය පමණක් නොව විවධ තේමා යටතේ මේ මහා ගාණ්ධර්යවාණන් ගැයූ ගීත, හදවතේ ගැඹුරුම තැන ස්පර්ෂ කර ජීවිතය ගායනා කරන්නේ අපේ කම හදවතින් දරාගත් මේ සොදුරුතම මිනිසාගේ ස්වරයෙනි.
"කුණු කය නිසරුයි නැත පවතිනේ..
කල හොද පමණයි.. මෙලොව රැදෙන්නේ..
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ..
අපටයි මිනිසුනේ..
අැයි එය නොසිතන්නේ..
නොතිර සසර සාගරේ..
ඉපිද මැරේ යලි ඉපදේ...."
සදාතනික සත්‍යය තව වරක් පසක් කරමින්, ඒ මහා අසමසම ගාණ්ධර්වයාණන් අද දැයෙන් සමුගෙන හමාරය.
මළහිරැ බසිනා ගොම්මන් අදුරේ සන්නාලියන්ගේ වෙවුලන දෑතින් නිමවූ සුදුමැලි සළු මතින්, සසර ගමනේ නිම් හිම් සොයමින්, ජීවන තොටුපළෙන් එතෙර වී ස්වර්ණ විමානෙන් එහා ලෝකයට, අපේ අමරදේවයන් රහසේම නික්ම ගොස් ඇත.
අතීතයෙන් ගඟ ගලා බසී. හැබැහින් දකින්නට තරම් පින් මදිවූ, ඔබගේ සප්ත ස්වරය වර්ණවත් කළ ඒ අතීතයේ සිහින සත හදවතට තුරුල් කරන්, ඒ ස්වරය මැකී ගිය අද දිනය දෙස ඇසේ මතුවන කඳුළු බිදු අතරින් බලා සිටිමු.
හන්තාන කදු මුදුන සිසාරා පවන් සලන හෙට දිනක, ඉර හද පායන ලෝකයක යළි හමුවෙන්නට පෙරුම් පුරන්නෙමු.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නම් වූ ඒ මහා අසමසම ගාණ්ධර්වයාණෙනි,
ඔබට නිවන් සුව....
එ්ත්.....
“සසර වසන තුරු...
නිවන් දකින තුරු...
පින්කෙත හෙළ රන් දෙරණේ,
යළි උපදින්නට...
හේතු වාසනා වේවා,
හේතු වාසනා...“
ඉතින් හෙළයේ අසමසම ආදරණිය ගාණ්ධර්වයාණෙනි... ඔබට සුභ ගමන්...
(ඡායාරූපයේ අයිතිය අප සතු නොවන බව කාරුණිකව සලකන්න)

Subscribe to:
Posts (Atom)