Saturday, December 10, 2016

“පූජාච පූජනීයානං -ඒතං මංගල මුත්තමං“

උබ කන්නග්ගර මහත්තයාගේ නම ගහපු ස්ටිකර් මූණේ ගහන් යනවද? බුකියෙ කොමෙන්ට්...
කන්නග්ගර මහත්තයාට ලව් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් මීට අදාළ නැත. අදාළ වන්නේ අගක් මුලක් ප්‍රතිපත්තියක් නැති නුවණින් කෙළ පැමිනි මහා සමාජවාදීන් (සමාජරෝගීන් යන්න වඩාත් සුදුසු වේ) පිරිසක් පමණි.

චේ ලා කැස්ට්‍රෝලා ගැන සලකා බලන විට උන්ගෙන් ගන්න ඕනෑ දේවල් ඇත. ගන්න ඕනේ නැති දේවල්ද ඇත. අපේ උන් නම් මුන් දෙදෙනාගන්, රැවුල, තොප්පිය සහ සුරුට්ටුව හැරුණු කොට ගත් දෙයක් නැති තරම්ය. කොහොමත් අපේ සමාජ වාදීන් බුකිය තුළ මේ දිනවල හැදි ගාන කැස්ට්‍රෝ හොද්දත් ඒ හොදි භාජන වල වැටෙන කමෙන්ටුත් දකිද්දී අපේ උන් ගැන තිබෙන කළකිරීම තවත් වැඩි වෙනවා මිස වෙන කෙංගෙඩියක් නම් වන්නේ නැත.

මම සමාජවාදය පසුපස යන්නෙක් නොවෙමි. මම ධනවාදය පස්සේද නොයන්නෙමි. ඔය මඟුල් දෙකම වෙනුවට අපේ රටේ තිබුණු පාලන ක්‍රමය සමාජය ආර්ථිකය සුද්දන්ගේ ලණු ගිල, විහින් කෙළවාගෙන පිටරටවල් වල ලබ්බවල් පස්සේ අපේ උන් දුවන එක නතර කරන්නේ කවදාද යන්න ගැන පමණක් මම විමසිලිමත් වෙමි. වැරැද්ද අපේමය. අපි අපේ රටේ වීරයන් අමතක කළෙමු. අපේ රටේ ඉතිහාසය අමතක කළෙමු. අපි මේ ගෙවන්නේ ඒවායේ වන්දිය. ජාතික වීරයෙක් නම් කරන්නට කියූ විට එක් යුවතියක් “මාතලන්“ සහෝදරයා කීවේ එ්කය. ඒවා වෙනම කථාය. එන 12 වෙනිදා අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිගේ 13 වන ගුණ සමරුවය. ගිය අවුරුද්දේ ගුණ සමරුවට හිටියේ 17 දෙනයි ලු. ඒ ජාතියේ කරුමයට දැයට අහිමි වූ අපේ කාලයේ වීරයෙක්. නිකන් මතක් කරන්න කීවේ.

සමාජවාදීන් වැඩිහරිය ඉන්නේ අපේ ආදරණීය අන්තරේය. උන්ගේ ප්‍රතිපත්ති සුපිරිය. යාපනේ සිංහල උන් ගුටි කද්දී ජාතිවාදේ අවුස්සන්න එපා කියා බුදියා ගන්නා උන් දෙමළ කොල්ලන්ට වෙඩි තිබ්බා කියා පාරවල් ගානේ පෙළපාලි ගියහ. මා 6 වසරට පාසල් යද්දීද උන් පාරේය. අදටත් උන් පාරේය. බෝඩ් වෙනස්ය. මූණු වෙනස්ය. හිගන්නගේ තුවාලෙ වගේය. හොද වීමක් නොමැත. සාක්කුවට සල්ලි වැටෙද්දී සමාජවාදෙ විසිවී ධනවාදයට කොක්ක හේත්තු වන්නේය. ඉතින් විප්ලවය එතනමය. ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් හිමි ස්ථිර රැකියා මෙන් මේ සමාජවාදීන්ගේ ඉහත කී විප්ලවයට ද නිමක් නැත. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් චක්‍රෙල්ඛයක් සකස් කර මුන්ට පැන්ෂන් එකක් ගෙවුවාටද කමක් නැතැයි සිතෙන්නේ ඒකමය.

මේ නිදහස් අධ්‍යාපනය උදෙසා සටන් වදින ඇතැම් උන් අහන්නේ කන්නග්ගර ලිබරල් කාරයෙක් බවත් එය පොදු ජන ව්‍යාපාර වලට අදාළ නැති බවත් ය. එය එසේ අසන්නා ගේ අදේශපාලනික බවත්ය. මේ සිංහල මම නොදන්නෙමි. මේවාද සමනලීගේ අපබ්‍රංස වැනිය. අර මොකද්ද ගැටයක් තද වෙනව කීවේ. ඒ වගේ. නමුත් කැම්පස් යන උන්ගේ වගකීම දේශපාලනය කිරීම නොවන බව දනිමි.

ඉතින් මුන්ගේ මානසික මට්ටම ගැන තීරණය කිරීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත. අදාළ බුකි පෝස්ට් වල කොමෙන්ටු ටික හොදටෝම ප්‍රමාණවත්ය. චේ ලා කැස්ට්‍රෝලා, උන්ට මොනවා නැතත් ප්‍රතිපත්තියක් විය. අපේ උන්ට ඒකත් නැත. කන්නග්ගර මහත්තයා නිදසහ් අධ්‍යාපනේ ගැන කියද්දි ඩී.එස්. සේනානායක මහත්තය මොකද්ද ඔය නටන නාඩගම කියල ඇහුවලු. බණ්ඩාරණායක මහත්තයත් කීවලු එතකොට අපිට පොල්ගහකට යවා ගන්නවත් මිනිහෙක් නැතිවෙනවනෙ මහත්තයො කියල. ඒත් සී.ඩබ්.ඩබ්. කන්නග්ගර මහත්තයට පින්සිද්ද වෙන්න මේ රටේ නිදහස් අධ්‍යාපනේ කියල එකක් තියනව. ලලිත් ඇතුලත්මුදලි මහත්තයට පින්සිද්ද වෙන්න ඔය මහලොකු අන්තරේ උන්ට මහපොළ කියල අරමුදලක් තියනවා. කැම්පස් එකේ චේ ගේ පින්තූර තියනවා. කන්නග්ගර මහත්තයවත්, ඇතුලත්මුදලි මහත්තයවත් නෑ. දැන් අහන්න එපා උබ සමරනවද කියල. මොකද මට තනියම බෝර්ඩ් උස්සන් පාරේ යන්න බෑනෙ උබලා වගේ.

කරුමෙට හරි කන්නග්ගර මහත්තයා ඔය වැඩේ අකුලා ගත්තනම් අද මේ රටේ නිදහස් අධ්‍යාපනය කියල එකක් නැති වෙන්න තිබුණා. එහෙම වුණානම් අද අපි කවුරු කවුරුත් අධ්‍යාපනේට ගෙවනවා. හැබැයි එහෙම වුණානම් මෙහෙම එකකුත් තියනවා. එහෙනම් අද ඔය අන්තර මොනවත් නෑ. මොකද අතින් සල්ලි ගෙවලා කැම්පස් ආවනම් සමාජවදෙ හොයන්නවත් වෙන්නෙ නෑ. අතින් කාලා විප්ලව කරන උන් අද නෑ. තමන්ගෙ සාක්කුවෙන් යන එක හොදට දැනෙනවා අනිත් ඒවාට වැඩිය. ඉතින් කන්නග්ගර මහත්තයාට පින්සිද්ද වෙන්න නිදහස් අධ්‍යාපනේ ලබාගෙන ඒ මනුස්සයා සමරන්නෙ මොකටද කියලා අහන ගමන් කොහෙවත් හිටපු කැස්ට්‍රෝ සමරන උබල ලඟ තියෙන්නෙ වෙන මොකුත් නෙවෙයි. ගුණමකු කම. උබලගේ පරගැති කම
අපි නම් දන්නෙ නෑ. චේ ලා කැස්ට්‍රෝලා, හොරෙන් හොරෙන් ඇවිත් උබල ඔය රැකගන්න කියලා ගුටි කකා දගලන නිදහස් අධ්‍යාපනේට මොකුත් කරල ගියාද කියල. රට වටේ මුහුද තියන අපේ රටේ උබල වගේ අල ගෙඩි රැල්ලට විසිවෙන එකේ පුදුමයක් නෑ. සමරපල්ලා, චේ ලා කැස්ට්‍රෝලා. මූණෙ බැරිනම් පු*ත් ගහගනිල්ලා. හැබැයි අපේ උන්ට ආදරේ කරපල්ලා. මුලින්ම. මොකද අපේ උන් නැත්නම් උබලට අද මේ තියන කිසි දෙයක් නෑ. උන් අමතක කරන්න එපා. පිට රටින් එන ඔක්කොම ගත්තත් වැඩක් නෑ. අපේ කම නැතුව. ගගෙන් වතුර බීලා මුහුදට ආවඩන්න එපා ළමයි. නිදහස් අධ්‍යාපනේ අපිට ඕනෙ. එ්කට සයිටම් වහල විතරක් බෑ. වමේ ගිහිල්ලත් බෑ. කොමියුනිස්ට් වෙලත් බෑ.

ලැජ්ජයි.

කැස්ට්‍රෝට ලව් කරන පරම්පාරවක් මිසක් කන්නග්ගරට ආදරය කරන පරම්පාරවක් අපිට නැති වුණාට
ගරු කළ යුතු මනුස්සයට ගරු කරන්න. නිදහස් අධ්‍යාපනේ පියාට එහෙම සලකන්න එපා. අපි අද නිදහස් අධ්‍යාපනේ භුක්ති විදින්නෙ ඒ මනුස්සයා හින්දා. දේශපාලන ගැතියො වෙලා ඒ මිනිස්සු කපලා දාන්න එපා. මේ රටට වැඩක් කරපු මිනිස්සු සිහිකරන්න. සමරන්න ඒ අයගේ දේශපාලනේ ජාතිය ප්‍රතිපත්ති අදාළ නෑ. රටට කරපු සේවය ගැන පමණක් හිතන්න. මොකද අපි ඔක්කොම ඒවා අද භුක්ති විදිනවා.

“පූජාච පූජනීයානං -ඒතං මංගල මුත්තමං“

Monday, November 7, 2016

ගෑස් වල සැරටම නෙවෙයි මහත්තයෝ....

වෙඩි මැද්දෙන් යන‍කොට
ළඟ වැටුණු මෝටාර් එකටයි
කකුල ගියේ...
ඇගිලි ගැලවුණ අත දැක්කම
ගෙදර තනියම ඉන්න
වයසක අම්මයි මතක් වුණේ

හමුදාවේ ‍ගොඩක් කල්
හිටියෙ නෑ තමයි මම
කකුල් දෙක තිබ්බනම් ‍
පණකෙන්ද තියනකන්
ගේම නවත්තන්නෙත් නෑ මම

බවුසරෙන් වතුර වදින‍කොට
තනි කකුලෙන්
මම දුවන්නෙ කොහොමද?
කණ වෙච්ච ඇ‍හෙන් කඳුළු වැටුණේ
ගෑස් වල සැරටම
නෙවෙයි මහත්තයෝ....

ගිහින් එන්න මාස්ටර්.....

අමර නැති සොවින්

ඉකි බින්ද

කොළොම්තොට අහස යට

දැයෙන් සමුගත්

ජාතියේ මහා

ගාණ්ධර්වයාණෙනි...

සංසාරේ

මතු දවසක

අපි ආයෙත් හමුවෙමු...

ගිහින් එන්න මාස්ටර්

ඔබට සුභ ගමන්....

සිතාරයේ තත් සිඳි ගියේය.....




වැලිතල අතරේ, හෙමිහිට
අතීතයෙන් ගලා බසිනා
නේරංජන නදියේ ඉවුර දෙපස
සිඳි බිඳි සිනා සුණු
සුදු පෙණ පොකුර
සොරබොර වැවේ පෙති ඉහිරුණු
සුදු නෙළුම කෝ
කියමින් ඉකිබිඳියි...


ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ
පාළුව තනිකම කුටියට ඇවිදින්...
සිහින සතක් මැද විමනේ
ඒ සොඳුරු ස්වරය
පමණක් ඉතිරිකරමින්,
සොදුරු මිනිසෙක්
සිහින නොපෙනෙන
සදාතනික වූ
නින්දට අත වනයි...

මින්දද හී සර සිඳි යද්දී
කුමරියක පා සළඹ බිදී යද්දී...
ඔහු නැති සොවින් තැවෙන
මහළු වී නැති කොළොම්තොට,
මළහිරු බසිනා සැන්දෑ යාමේ
අඳුරට ඉඩදී
අඳුරේ සැගවී
අපගෙන් වෙන්වී සමුගන්නා,
ජීවිත පොකුණේ
සිහින නෙළුම් මල
අඳුරු සළු පටින්
සඟවා ගනී...

ඉරට මුවාවෙන් ඉදගෙන
දුක් ගී ලියන්නට
සොහොන් කොතේ ඉඩ මදිය...
දැයට ඒ මධුර වූ
ස්වරයෙන් ගැයූ ගී
අද ඔහු නමින් ගැයෙද්දි,
තත් සිදුණු සිතාරය
පපුවට තුරුළු කරන්
උණු කඳුළු අතරින්
සෑය බැන්දෙමු
ඔබේ නමින්...

වක්කඩ ළඟ තාලයට නැටූ
තිත්ත පැටවු සැගවී ගොසිනි
වළාකුලෙන් විදුලිය කොටද්දි
වැට වට කළ කටරොළු මල් පරවී වැටුණි
කලූ යළි සිනාසෙන්නේ නැත.
ගඟ පිරෙන්න කදුළු වැහි වහිද්දී
සන්නාලියන්ගේ වෙවුලන දෑත් අඟ
සොඳුරු ගණ්ධර්වයකුගේ
මිනිය වසන්නයි
සුදු මැලි පාට සළුව වියෙන්නේ...

සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි...
සීතල හද එළියේ
සන්නාලියන් වියූ
ඒ සීතල සළු පට ගත දවටා
සංසාර ගමනේ
අවසාන තොටුපළේ නවතා ඇති
ඔරුවෙන්,
ඒ සොදුරු කලාකරුවා
රහසේම එගොඩ වෙයි...

ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ....
කුණු කය නිසරුයි නැත පවතින්නේ
කල හොද පමණයි
මෙලොව රැදෙන්නේ..
සදාතනික සත්‍යයයි බුදුන් දෙසූ,
මග හල නොහැක්කේ...

ලොවක් සුවපත් කර
ජීවන ගමනට තිත තබා
දැයෙන් සමුගන්නා
හෙළයේ අසමසම ගාණ්ධර්වයාණෙනි
සේකරයන්, කේමදාසයන්
කළු ගඟ හරහා පීනාගෙන
ඔබ එනතුරු...
නදියේ එහා ඉවුරට වී
බලාගෙන ඇති...
ඒ නොගැයූ පදවැල් වලට
ඒ නොවැයූ තනුවලට
ඔබේ ස්වරයෙන් පණ දෙන්නට...
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
හෙට ගැයෙන ඒ ගායනා
හන්තානේ කඳු මුදුන සිසාරා
එන පවනේ මුසු කර
අපටත් අසන්නට
මදක් ඉඩ දෙන්න...

නිවනට මග දුරයි නම්
නැවත එනු මැනවි...

ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී
ඔබ එන මඟ බලා සිටින
ලක් මෑණියන්ගේ තුරුළටම
නැවත එනු මැනවි...

“සසර වසන තුරු
නිවන් දකින තුරු
පින් කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා“

ඉතින්, පණ්ඩිත් විශාරද ඩබ්ලිව්.ඩී. අමරදේව නම් වූ හෙළයේ මහා අසමසම ගාණ්ධර්වයාණෙනි...

සංසාර ගමනේ කොතැනක හෝ සංගීතෙන් අපි යළි හමුවේවා...

නිවනට දුර බොහෝ නොම වේවා...

ඔබට සුබ ගමන්...

(ඡායාරූපයේ අයිතිය මුල් හිමිකරු සතුවන බව කාරුණිකව සලකන්න)

වීරයෙකුගේ නික්ම යාම


“රත්නදීප ජන්ම භූමි ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදි සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ මාතෘ භූමියයි“

නිල් පාට කොට කලිසමක් ඇඳගෙන වසර ගාණකට කළින් පොඩි පන්තියක යාළුවොත් එක්ක මේ ගීතය ගායනා කරද්දී අපේ රට ජාතිය ගැන දැණුන ආදරයත් එක්කම මේ ගීතය ගායනා කරන්නේ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් කියලා ගුරුතුමී කියල දුන්න හැටිත් චිත්‍රපටියක් වගේ මේ වෙලාවේ මැවිලා පෙනෙන බව මුලින්ම සදහන් කරන්නෙමු.

රැල්ලට දුවන සමාජයක අමරදේවයන් ගැයූ ගී මුළු රටක් සුවපත් කළ බව අවිවාදයෙන් යුතුව සිහිපත් කළ යුතුය. තමන්ටම ආවේණික වූ ගායන ශෛලියත් අංගචරන රසයත් එක්කර ගැයූ ඒ ගී අසමසම වන්නේ ඒ නිසාය.

“දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා“ (සිරිසඟබෝ නාට්‍යය ධර්ම බුදුන්ගේ නමින් මුල් ගායනය හර්මන් රාජපක්ෂ) වාදනය නොවන උත්සවයක් නැති තරම්ය. බුදුගුණ, ජාතිකානුරාගය පමණක් නොව විවධ තේමා යටතේ මේ මහා ගාණ්ධර්යවාණන් ගැයූ ගීත, හදවතේ ගැඹුරුම තැන ස්පර්ෂ කර ජීවිතය ගායනා කරන්නේ අපේ කම හදවතින් දරාගත් මේ සොදුරුතම මිනිසාගේ ස්වරයෙනි.

"කුණු කය නිසරුයි නැත පවතිනේ..
කල හොද පමණයි.. මෙලොව රැදෙන්නේ..
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ..
අපටයි මිනිසුනේ..
අැයි එය නොසිතන්නේ..
නොතිර සසර සාගරේ..
ඉපිද මැරේ යලි ඉපදේ...."

සදාතනික සත්‍යය තව වරක් පසක් කරමින්, ඒ මහා අසමසම ගාණ්ධර්වයාණන් අද දැයෙන් සමුගෙන හමාරය.
මළහිරැ බසිනා ගොම්මන් අදුරේ සන්නාලියන්ගේ වෙවුලන දෑතින් නිමවූ සුදුමැලි සළු මතින්, සසර ගමනේ නිම් හිම් සොයමින්, ජීවන තොටුපළෙන් එතෙර වී ස්වර්ණ විමානෙන් එහා ලෝකයට, අපේ අමරදේවයන් රහසේම නික්ම ගොස් ඇත.

අතීතයෙන් ගඟ ගලා බසී. හැබැහින් දකින්නට තරම් පින් මදිවූ, ඔබගේ සප්ත ස්වරය වර්ණවත් කළ ඒ අතීතයේ සිහින සත හදවතට තුරුල් කරන්, ඒ ස්වරය මැකී ගිය අද දිනය දෙස ඇසේ මතුවන කඳුළු බිදු අතරින් බලා සිටිමු.

හන්තාන කදු මුදුන සිසාරා පවන් සලන හෙට දිනක, ඉර හද පායන ලෝකයක යළි හමුවෙන්නට පෙරුම් පුරන්නෙමු.

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නම් වූ ඒ මහා අසමසම ගාණ්ධර්වයාණෙනි,
ඔබට නිවන් සුව....

එ්ත්.....

“සසර වසන තුරු...
නිවන් දකින තුරු...
පින්කෙත හෙළ රන් දෙරණේ,
යළි උපදින්නට...
හේතු වාසනා වේවා,
හේතු වාසනා...“

ඉතින් හෙළයේ අසමසම ආදරණිය ගාණ්ධර්වයාණෙනි... ඔබට සුභ ගමන්...

(ඡායාරූපයේ අයිතිය අප සතු නොවන බව කාරුණිකව සලකන්න)

Thursday, September 15, 2016

SLIIT Walk

මේ දිනවල ජනප්‍රියම මාතෘකාව වී ඇත්තේ SLIIT Walk එකය. බුකිය රත්වන තුරු අන්තරේ උත්තමයින් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් දෙකට බෙදී කා කොටා ගන්නා සිනමා පටය පොප්කෝර්න් බාස්කට් එකක් සහ කොකාකෝලා මෙගා එකක් අහවර වන තුරු රස විඳීමෙන් අනතුරුව, මෙය කොටා නොසීටීමට ඉඩ නොදෙන තරම් බලවත් ව නැගුණු අධික වූ කැසිල්ල හේතුවෙන්ම පරිගණකයේ යතුරු පුවරුව මෙසේ අතට ගතිමි.

SLIIT Walk එක ගැන කරුණු කාරණා ගෙනහැර දැක්වීමේ අවශ්‍යතායක් මට නැත. ඒ අදාළ කරුණු කාරණා අන්තර්ජාලය ඔස්සේම ඔබ දැක ඇති බැවින්ය. මධ්‍යස්ථ මිනිසුන්ගෙන් වෙනසක් දැක්කාද යනුවෙන් එක්තරා පෝස්ටුවක් විය. ඔව් දැක්කා, මේ කොටන්නේ ඒක කියන්න තමයි.

SLIIT එකත් නෑවෙ නෑ කියන්න බෑ. මොකද උස්සන් ගිය සමහර බෝර්ඩ් මේ ලෝකෙ රහකට නැති හින්ද. අන්තරේටත් ඒක පට්ටම කණා මුට්ටිය. අර හන්දියේ ඉන්න බලු රැලට මස් කට්ටක් සෙට් වුණා වගේ. මොකුත් නැතුව බැණුම්ම අහලා කර වෙලා ඉන්න වෙලාවෙ ඉහේ කඩන් වැටුණ පොට්ට චාන්ස් එකනේ. දැන් ඒකම අල්ලන් දගලනවා. දැන් ඒ ගොල්ල කියනවනේ සටන නිදහස් අධ්‍යාපනේට කියල. ප්‍රයිවට් ගොල්ල කියනවා සල්ලි දුන්නට ඩිගිරිය දෙන්නෙ නෑ කියලා. ඔව් ඔක්කොම හරි කියමුකෝ. ඒ කොරලා අපි බලමුකො මධ්‍යස්ථ මිනිස්සු මොකද කියන්නෙ කියලා.

අන්තරේ කියන එක ගැන පොඩ්ඩක් ගමුකො මුලින්ම. රටම දන්නවා උන් කරන්නේ මොන ආණ්ඩුව ආවත් මොකාක් හරි ලෙඩක් ඇදලා ගුටි කාලා කඳුලු ගෑස් කාලා පොඩි ආතල් එකක් ගන්නවා ඇරෙන්න කරන රෙද්දක් නෑ කියන එක. ඒකත් කීප දෙනෙක්ගේ පෞද්ගලික උවමනාවල් වලට මුලු කැම්පස් එකක ළමයි දක්කන වැඩක්. හැම ලබ්බම දියව් වහපියවු කියල බෑ බොලව්. රට තියන තැන තේරුම් ගනියවු බොරුවට කෑ ගහන් නැතුව. දැන් සමහරක් කට්ටිය අඩනවා උඹල හෙන පව් කියල. මොකටද, SLIIT එකෙන් වැදුණ හින්ට් වලට. ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් තියනවා. අපේ උන් ප්‍රතික්‍රියාව ගැන කථා කළාට ඒකට අදාළ ක්‍රියාව අමතක කරනවා. මෙතනත් එහෙමයි. මොකද මුන් හිතන් ඉන්නෙ කැම්පස් ගන්නෙ 150 යි නම් 151 ට ඉන්න එකා ගොන් බිජ්ජෙක් කියලා. ඒක හැදෙන්න ඒනෙ මුලින්ම. ඒවා ඉතින් හිතන්න පුලුවන් මිනිස්සුන්ට තේරෙන කථා. පෘතග්ජන මිනිස්සු වුනාම තමන්ට කරපුවගේ ඇරියර්ස් අල්ලනවා. දැන් ඒක අල්ලන් අන්තරේ මාකටිං කරනවා. අර කෑගහගෙන අරලිය ගහ මන්දිරේට රිංගන්න ගිහින් හැමදාම ගුටි කනවා වගේ. ඕනැම ගොනෙක්ට තේරෙනවා ඒ වගේ තැන් වලට වලි දාගෙන යන්න ගියාම මොකා වුණත් ගමකට කනවා කියන එක. මුන්ට මෙච්චර කාලත් ඒක තේරෙන්නෙ නෑ එක්කො තේරුණත් ගනන් ගන්නෙ නෑ. දත් 4ක් 5ක් ගැලවෙන්න බැටන් පොලු පාරක් කෑවනම් අම්මට සිරි........... අවුරුද්දකට ඇති සිසු විරුවො වෙන්න. උබලා විරුවො නෙවෙයි අහිංසකයො බිල්ලට දීලා මඟුල් නටන සිසු එළුවො.

SLIIT Walk එක ගැනත් ගමුකො. අවංකවම ලැජ්ජයි. උඹලගෙන් එහෙම එකක් බලාපොරොත්තු වුණේම නෑ. මොකද තවමත් මේ රටේ මිනිස්සු ඉන්නව ඔළුව කියන එක තොප්පිය දාන්න විතරක් පාවිච්චි නොකරන උන්. එහෙව් එකේ උඹළත් ඔහොම කරද්දි ලොකුම ලොකු අවුලක් එතන තියනවා. සමාජ සත්කාරෙ හරි. ඒක වෙනම දෙයක්. ඒත් ඒක වටින්නෙ හරියට වැදගත් විදිහටම කළානම්. එහෙනම් අද එක වචනයක් අහන්න වෙන්නෑ. ඒත් අද බැලුවම දෙගොල්ලගෙම ලොකු වෙනසක් නෑ. SLIIT කඳුලු ගෑස් ගුටි කෑවෙ නැතුවා ඇරෙන්න. උබලා විතරක් නෙවෙයි රජයෙ විශ්ව විද්‍යාල වලිනුත් සමාජ සත්කාර කරනවා. ඒ ඒ අදාළ ශිෂ්‍ය සංවිධාන වලින් මිසක් අර අන්තරේ කියන ලබ්බෙන් නම් නෙවෙයි. අන්තිමේ උඹළත් බලේ පෙන්නල රැගිල්ලක් දැම්මා විතරයි.

හරි ඔක්කොම තියල අපි අර මධ්‍යස්ථ එකා ළඟට පොඩ්ඩක් යමු.  අර දුර ඈත පිටිසර ගමේ ඉස්කෝලෙට ගිහින් රජයේ විශ්ව විද්‍යාලෙට එන කඩයප්පන් හදන සීලවතී නැන්දගෙ පොඩි කෙල්ලටවත්, දවසම ප්‍රයිවට් කැම්පස් ගිහින් රෑ දෙගොඩ හරිය වෙනකන් අරෙහෙ මෙහෙ පාර්ට් ටයිම් වැඩ කරල කෝර්ස් ෆී එක හොයා ගන්න ටේලර් ගුණේගේ ලොකු කොල්ලට වත් උඹළගේ මේ අන්තරේ පිකටිං, Walk වලින් වැඩක් නෑ. උන් එන්නේ හීන 1000ක් හිතේ තියාගෙන. ඉගෙන අරන් රස්සාවක් කරල පොඩි ගේ කෑල්ලක් හදන් අම්මට තාත්තට සලකන්න. උන්ට වටින්නෙ ඒක. වෙන ලබ්බවල් නෙවෙයි. උබල නැති කරන්නේ ඒ හීන. දවසක හෙන ගහනවා බලන් ඉදපල්ලා.

ඒ කෙල්ල කැන්ටිම ගාව උප සංස්කෘතික හීනමානසික ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියො ඉස්සරහ තමන්ගෙ ආත්ම ගරුත්වය කෙළෙසාගෙන ගමට ඇවිත් අඩනවා ආයෙ යන්න බෑ කියල. අර කොල්ලා දහ අතේ කල්පනා කරනවා පන්තියට ගෙවන්න සල්ලි නැතුව. මහපොළ අරන් බඩු කුඩු ගහන උන් ඉන්නවා. අරෙහෙත් ඉන්නව බෙන්ස් එක දක්කන් ඇවිත් wssup brooooo ගාන් යද්දි රිසෙප්ෂන් නගා නැගිටල good morning කියන උනුත්.

ප්‍රයිවට් ගිහින් එකට කුට්ටිය දෙන්න බැරි වුණාම ඒවගෙන් අපිටත් සැලකිල්ලක් නෑ. අන්තරෙන් නම් පු* උඩ දාන් කෑ ගහනවා දියව්..... කියලා. රාජය ආදායමෙන් 60% මිලියන 1.5 ක රාජ්‍ය සේවකයිනට ගෙවන අපේ රටේ උසස් පෙළ ලියන හැම එකාටම අධ්‍යාපනයක් දෙන්න තත්ත්වයක් නැති රටක අපි ඉන්නවා කියන එක අන්තරේට තේරෙන්නෑ. නිදහස් අධ්‍යාපනේට පින්සිද්ද වෙන්න හැම දේම නිකන්ම ලැබෙන හින්දා පිරිවැය සංකල්ප තේරෙන්නේ නෑ මම හිතන්නේ.

යකුනේ අපිත් කැමතියි ප්‍රයිවට් කැම්පස් නිකන් උගන්වනවනම්. ඒත් එහෙම කරන්න ගියොත් ඒවා වහන්න වෙනවා ආයතනික සහ අධ්‍යාපනික වියදම් දරන්න විදිහක් නැතුව. මොකද ආණ්ඩුවට ඒවා ගෙවන්න බෑ තව අවුරුදු 100 කටවත් රටට ඇති වෙන්න කැම්පස් හදන්නත් බෑ. රජයේ විශ්ව විද්‍යාල වුණත් ලාභ උපයන ආයතන නොවෙන හින්දා ප්‍රයිවට් යනවා ඇරෙන්න අර කැම්පස් යන්න ලැබෙන්නැති 84% ට විකල්පත් නෑ. දියව්, කරපියව්, වැඩිකරපියව් කියලා අග මුල නැතුව කෑ ගහන අන්තරේ ඕක තේරුම් ගත්ත නම් මේ සටන කියන එක සාධාරණයි. ඒක කරන්න ඕනේ ප්‍රයිවට් කැම්පස් වල දෙන අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නංවමු කියන මාතෘකාවට මිසක් ඒවා වහපියව් කියලා නෙවෙයි. මොකද සමහර ප්‍රයිවට කැම්පස් වල ඒ ප්‍රශ්නෙ තියනව. අධ්‍යපනය කියන එක කොලිටි වෙන්න ඕනෙ. නැතුව ඒකෙන් ගෙවන ගානටවත් වැඩක් නෑනේ. ඒ කොහොම වුණත් රටේ තියන ප්‍රයිවට් කැම්පස් ටිකයි සෙමි ගවර්මන්ට් ටිකයි වහපියව් කියල බෝර්ඩ් 100ක් උස්සද්දි අස්සෙ පොඩියට කියනවා කැම්පස් ඉන්ටේක් වැඩිකරපියව් කියල. අනේ නෑ. ඒ කුහක කම නෙවෙයි. ආදරේට.. නිකමට ආසාවට අර යාපනේ ගුටි කාපු කොල්ලා ගැන කථා කලේ නැති අන්තරේ කියන එකෙන්, රට තියන තැන තේරෙන් නැතිව කරන්නන් වාලේ කරන විප්ලවෙත් අර සයිටම් වගේම තමා. දෙකම එකයි. සයිටම් එක කියපු හින්දා මේකත් කියන්නම්. ඒකත් කරන්න ඕනෙ වහන එක නෙවෙයි. ඒකෙ තත්ත්වය ඉහළ නංවන එක. ඒවා ගැන ඕනෙ වුණොත් පස්සෙ කථා කරමු.

ඔන්න ඔහොම විප්ලව වොල්ක් මැද්දෙ මධ්‍යස්ථ අපි බලන් ඉන්නවා. මොකද්ද මේ පිස්සුව කියල. මාසෙ ජීවත් වෙන්න සල්ලි ටික නැතිව ගෙදරින් සල්ලි ටිකක් ගෙන්න ගන්න හදද්දි කට්ටියක් බලෙන් ගුටි කන්න එක්ක යනවා, අනිත් උන් වොල්ක් එක්කං යනවා. මධ්‍යස්ථ උන්ට ඔය දෙකෙන්ම වැඩක් නෑ. ඒ හින්දා උබලා කෙලගන්න කලින් හිතපල්ලා. ඔය එක බත් එක කාපු එකා එක්ක උබ ඔය ගහගන්නේ. මොකක් හින්දද?  කොහෙවත් ඉන්න කාලකණ්නි කීපදෙනෙක්ගෙ පෞද්ගලික උවමනා වලට උඹල දහස් ගාණක් බෙදිල කඩේ යන හින්දා. උඹල එකතු වුණොත් ඔය එකෙක්ට යන එන මං නෑ. උන් තමයි අර කිරි කළේට ගොම දැම්ම වගේ ආණ්ඩුවෙ කැම්පස් ටික කාලා දැන් ප්‍රයිවට් ඒවත් කන්නෙ. ඉතින් ළමයි, උබලා ඔය අන්තරේටයි Walk වලටයි කඩේ යන එක නවත්තලා තම තමන්ගේ කුණු උඩ හුණු ගාන්න හදන එක නවත්තපල්ලා. දෙකම පට්ට චාටර්. එච්චරයි. අඩුම ගානේ අර අන්තරේ නරි ටිකට මාකටිං කොරන්න පොයින්ට් හදල දෙන් නැතුව හිටපියවු. බුකිය පැත්තෙ එන්න නෑ ගඳ ගහනවා රෙද්ද. කීප දෙනෙක් අැති ඔක්කොම කන්න. උන් වෙනුවෙන් නටලා හත් පොලේ ගා ගන්න එපා.

රජයේ විශ්ව විද්‍යාල සහ පුද්ගලික විශ්ව විද්‍යාල යන දෙකේම සුපිරි බොක්කවල් සිටින මම ද කට්ට කාගෙන ප්‍රයිවට් ඉගෙන ගන්න එකෙක්මි. රටේ අධ්‍යාපනයේ ගැටළුවක් ඇති බව දනිමි. එක පරයෙක්වත් (විශේෂයෙන් අන්තරේ, මොකද ඒකට කඩේ යන උන් අඩන්නේ ඒකෙන් තමයි විසදන්නෙ කියලනේ, රෙද්ද තමා) ඒ ගැටළුවට සාධාරණ කාලීන විසදුමක් සෙවීමට මහන්සි නොවන බවද දනිමි. එවැනි අවස්ථාවක මේ සිදුවී ඇත්තේ එකේකා තම තමන්ගේ බලය ගෙනහැර දැක්වීමක් විනා අන්කිසිවක් නොවන බව මධ්‍යස්තව සිටින එකා හොඳාකාරව දනී. ඔය මොක ගියත් යන්නේ පාරෙ නේ. ඉතින් උන් හෙනට කටු කනවා. මධ්‍යස්ත අයට උබලාගේ Walk එකෙන් වත් අන්තරෙන් වත් වැඩක් නොමැති බව පමණක් කියා සමුගනිමි.

සිත් රිදවාගැනීම් අදාළ නොමැති බව කාරුණිකව සලකන්න.

මගේ කථාව අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි.


සැයු - අධික ධාරිතාවන් දරන ස්වයං චින්තනමය හැකියාව නොමැති අන්තවාදී මන්ද බුද්ධිකයන් සමඟ සංවාදයට විවෘත නැත. පැයෙන් පැයට කොටි ගැහුවා වගේ අප්ඩේට් දාන්න එපා යකුනේ. අප්පිරියයි.









Sunday, July 24, 2016

සමාජවාදය සහ සමාජරෝගය



“මෙය ලද අවස්ථාවෙන් මඟින් පෞද්ගලික මති මතාන්තර උලුප්පා පෙන්වීම සඳහා මුදල් ගෙවා පල කරන ලද්දක් නොව එකේකාගේ පුස් පාට් වලින් හෙම්බත් වී වදින තැනකට වැදීමේ පරමාර්ථය පෙරදැරි කොට ගෙන පල කරන ලද්දකි“

සෝ ගයිස් මේක කොහෙන් පටන් ගෙන කොහෙන් නැවතිය යුතුදැයි තේරුම් ගත නොහැකි උභතහෝකෝටික ගැටළුවකි.

“අන්තරේ“, සමස්ථ දේශීය සිසු අයිතීන් සුරැකීමේ එකම සහ අවසාන පවුර (ඇට්ලීස්ට උන් එහෙමලු හිතන් ඉන්නෙ)

ලැජ්ජයි බ්රෝ. රටේ නැති මඟුල් හැම එකටම බැහැල රෙදි ගලවන් නටන උඹල යාපනේ අපේ උන් ගුටි කාපු ගමන් අත දා ගත්තා. අවංකවම තේරුම් ගන්න බැහැ මේකට හේතුව උඹලගෙ නායකත්වෙද, ප්‍රතිපත්තිද (එහෙම එකක් නෑ, ඒත් ඒක පොඩ්ඩක් පැත්තක තියමු), දේශපාලනේද නැත්නම් අහවල් ඉලවුවක්ද?

යාපනේ අපේ උන් ගුටි කාපු එක වෙනම කථාවක්. ජාතිවාදෙ තව එකක්. යාපනේ කෑමට සිංහල එකාලගෙ එකමුතුව නැති කමත් ලොකු හේතුවක්. ඒත් අද අපේ රට තියන තැන ගත්තම මේ රටේ කෑලි ඉල්ලන උන්ට බය නැතුව ඒක කරන්න සුපිරි පසුබිමක් අපේ සරල ආණ්ඩුව යටතේ හැදිල තියනවා.අපේ උන් එහෙ බල්ලො වගේ ගුටිකන්නේ එහෙම වෙලාවක. එතනදි තමයි උඹලත් එන්නෙ. අපිත් බලන් හිටිය මේකට වත් එකතු වෙලා හරි දෙයක් කරයි කියලා. එහෙම හිතුවටත් ලැජ්ජයි. මොකද උබලත් කෙලින්ම අතක් දා ගෙන ජාතිවාදෙ එපා කිය කියා එලි පිටම උන්ට කඩේ යන්න ගත්තා.

අපේ විශ්ව විද්‍යාල සිස්ටම් එක මෙලෝ රහකට නෑ. Z Score එකක් ලොකු කරගෙන ඒක නැති එකා මෝඩයා කරලා හෙන පොරවල් වගේ නටන්නෙ ඒකනෙ. සයිටම් කීවොත් ඉවරයි. වෙන මොකුත් එපා. ඒත් මේව දැක්කම නැට්ට පු*. මොකද්ද බන්, පඩයක් ගියත් මිනිස්සුන්ට වද දිදී පාරවල් ගානෙ නටන උඹලට ගුටි කාපු උඹලගෙම උන් වෙනුවෙන් මොකුත්ම කරන්න බැරි වුණාද? බැරි නම් අඩුම ගානෙ කට වහන් හිටපියව්, කොටින්ට කඩේ යන උන්ගෙ රෙදි හෝදන් නැතුව. අපේ ලේත් පිච්චෙනවා යකුනේ. තමන්ගෙ එකා වෙනුවෙන්වත් නැති, මොකද්ද උඹලගෙ මේ විප්ලවේ තේරුම? හිගන්නගෙ තුවාලෙ වගේ පාරවනව විතරයි. ඇති බන් ඕක. ඉවර කරපියව්. ඇති වෙලා තියෙන්නෙ.

සිසු විරුවො හිටිය. ත්‍රීමා වගේ. අන්න පොරවල්. උඹල සිසු විරුවො නෙවෙයි සිසු එළුවො. සයිටම් කිය කියා ඒක උඩින් දාලා කැම්පස් යන්න බැරිවුණ උන්ට තියන ප්‍රයිවට් ඉන්ස්ටිටියුට් ටික වහල තනියම රජ වෙන්න විතරයි උඹලගෙ බහුතරේට ඕනෙ. යකෝ සයිටම් අවුල් කියල අපිත් දන්නව. ඒත් ඒක තියෙන්න ඕනෙ. වෙන මොකුත් නෙවෙයි. තොපිට කෙළවෙන්න. ඒකෙ අවුල අපිට එනව කියලත් දන්නවා. ඒත් කමක් නෑ. උඹල දැන් එච්චරට මේ රටට වාතයක්. උඹල කියනව රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශ වැඩි කරන්න කියලා. රටේ කැම්පස් එන්න බැරි 85% කට අද හෙට කැම්පස් හදන්න ආණ්ඩුවට බෑ. එහෙම කරත් දැන තියන යල් පැනපු කෝස් කරන්න ඕකට එන්න ඕනෙත් නෑ. රටට ඕනෙ ඩොකාල ඉන්ජො විතරක් නෙවෙයි බන්. මිනිස්සුන්ට වද දෙන එක නවත්තපන්. ඇති උඹලගෙ පිකට්. අපි මේ රට කරන උන්ගෙනුත් කටු කනව. උඹලගෙනුත් කටු කනව. හැම එකාම වද දෙන්නෙ මිනිස්සුන්ට. අපිට තොපි වහ කඳුරු වෙලා තියෙන්නෙ ඒකයි. රැග් කරල හිරේ ගිය උන් එළියට දාන්න කියල උඹල නටනව. එකට කැම්පස් ඉන්න ඇන්ටි රැග් උන්ගෙ ඔළු පලන්නත් උඹලට පුළුවන්. අපේ උන් දෙමළුන්ගෙන් ගුටි කෑවම සද්ද නෑ. ගිහින් ලැට් හෝදපියව් උන්ගෙ. අවංකවම අපි බලන් හිටිය උඹල දෙයක් කරයි කියල. කරනව නම් සප් එක දෙන්න වුණත් සිංහල උන් හැටියට අපි ලෑස්ති වුණා. මොකද ජාතිය අනිත් රෙද්දවල් වලට වැඩිය ලොකු හින්ද. ඒත් උඹල එතනත් උඹලගෙ ලැජ්ජ නැති කම විතරයි පෙන්නුවෙ.

උඹලගෙ ලොකු ලයින් විතරයි. ධාරිතාව වැඩියිනෙ. සරල සිංහල වත් තේරෙන්නේ නෑ. කැම්පස් එකෙ සිංහයො. එළියෙ පරයින්ටත් එහා. ඉවරයක් නැති විප්ලව විතරයි. ඩිගිරිය ගත්තට පස්සෙ ඒවා නෑ. බඩ ලොකුයිනෙ. එතකොට ප්‍රයිවට් හොස්පිට්ල් එකේ, ප්‍රයිවට් ඩිස්පැන්සරියේ. එක්කො රටෙත් නෑ. බස් එතේ නැගල ආදරණීය අම්මේ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ කියපුව එදාට ඉවරයි. මූණ බලන්නත් රු. 800.00. ඒව හොදයි. මේ රටේ මුලින්ම වෙන්න ඕනෙ Z Score මඟුල අයින් කරන එක. ඒකත් අර කුළ භේදෙ වගේ. ඉස්කෝලෙ එක බත් එක කාලා ඔය Z Score අරන් අර යාළුවටම පුස් පාට් දාන උන් දැකලම අරහන්. බුකියටවත් යන්න බෑ එච්චර සමාජවාදෙ. ඉතින් එය රෙද්දෙ Z Score  මඟුල අයින් කරල ජොබ් මාර්කට් එකට හරියන පාරවල් හදල දීල ඒවට උගන්වන්න ඕනෙ. උඩට ඉගෙන ගන්න එක රජයෙන් ණයක් වගේ දීල ඒක ඉවර වුණාම සර්විස් එකෙන් හරි සල්ලි වලින් හරි රටට ගෙවන්න සිස්ටම් එකක්, ජපානෙ වගේ. ටැලන්ට් එක අනුව තමන් යන දුර තීරණය වෙයි. එතකොට තොපිට ඔය පිකටිං කොරන්න කියල බදු ගෙවන ගුණේ අයියගේ මැගි අක්කගෙ සල්ලි වලට සාධාරණයක් වෙනව. තොපිට ඔය Z Score තියනව කිය කියා දෙන ගොන් ආතල් එතකොට දෙන්නත් බෑනෙ. මේ රටේ නිදහස් කියල එකක් නෑ. ඒ නිදහස් දේට මුළු රටක් බදු ගෙවනව. එහෙව් එකේ ඔහොම එකක් කළාම හැමෝටම සාධාරණයි. උඹලගේ කැම්පස් වලට මිනිස්සු බනිද්දි උබල කියනව ඇවිත් බලපන් කියල. ප්‍රයිවට් එකට එන් නැතුව උබල ඒව අර්ථකථනය කරනවා. අපිත් කියනව උබලට. වරෙව් ප්‍රයිවට් කැම්පස් එකකට. ඇවිත් බලපියව් ඒවගෙ ඉගෙන ගන්න කන කට්ට. දැන් කියපියව් ඒක තමයි ඒව ජනසතු කරන්න කියන්නෙ කියල. අපිත් හරිම කැමතියි. ඒත් ඊට පස්සෙ ඒවගෙ වියදම උඹලගෙ අප්පොච්චල ගෙවනවා නම්. පිනට දෙන්න ගියාම දවසෙන් දෙකෙන් කැම්පස් එකත් චකබ්ලාස්. කොහෙද ඉතින් හැමදේම පිනට අරන් පාරවල් ගානෙ දගලන බොලාට ආයතන වල වියදම් තියනවා කියන එක තේරුම් ගන්න බැරි තරම් ධාරිතාව නේ.

කැම්පස් එන හැම එකාම දුප්පත් නෑ. ප්‍රයිවට් ඉගෙන ගන්න හැම එකාමට සල්ලිත් නෑ. අමාරුවෙන් වැඩ කර කර සල්ලි හොය හොයා ඉගෙන ගන්න උන් ඉන්නව. සල්ලි දුන්නට උපාධි කටට දෙන්නෙ නෑ මචං. එහෙමත් කරල අපි බදු ගෙවල තොපි කැම්පස් එකේ ඉගෙන ගන්න ඒවට ගෙවන්නෙ තොපෙන් රටට වැඩක් වෙනව දකින්න. . රැග් වගේ සක්කිලි අවලම් වැඩ කරල හිරේ යන උන් එළියට දාන්න කියල පිකටිං කරනවා වගේ ඒවා ඒකට අදාළ නෑ. Z Score එක බුද්ධිය මනින්න තරම් සාර්ථක නෑ කියන් එකවත්, උඹල දෙන විප්ලව විසදුම් වලින් අපි වැඩි දෙනෙක්ට වැඩක් නැති බව වත් තේරුම් ගන්න තරම් උඹලට මොලයක් ඇත්තෙත් නෑ. උඹල රකින නිදහස් අධ්‍යාපනයක් නෑ. උඹලට එහෙම එකක් ඕනෙත් නෑ, උඹල දේශපාලන අතකොළු. වැඩේ කියන්නෙ උඹලට ඒකවත් තේරෙන්නේ නෑ. උඹල චේ ගුවේරටත් ලැජ්ජාවක්. ඌට වැදගෙන පතුරු ගැහැවට, රැවුලයි තොප්පියයි සුරුට්ටුවයි ඇරෙන්න තොපි උගෙන් ගත්ත ලබ්බක් නෑ.

ඉතින් අත දාගෙන ජාතිවාදෙ එපා කීවට කමක් නෑ. උඹලගෙ කැට අත්සන් කොළ අත් පත්‍රිකා අරන් අපි ළගට එන්නත් එපා. 8 පාස් නැති අපිට තොපිව අදාළම නෑ. පිට උඹලගෙ බොරු විප්ලව වලින් ඇති වැඩකුත් නෑ, තොපි මිනිස්සු පාගල පොරවල් වෙන්න පුස් සිංහ පාර්ට් දානව විතරයි. ඒවත් මේ සිංහල අපිට. මිනිස්සු උඹලට හෙල්මට් එකෙන් ගහල අරින්න හදන එකේ පුදුමයක් නෑ බොල. රටේ මිනිස්සු තොපි එක්ක නැති එක ගැන හිතන්නත් එපා. මොකද උඹල ළගදි කීවනෙ සයිටම් එකට බහින්න ඕනෙ උඹල නෙවෙයි මිනිස්සු කියල. අපිට අදාළ නෑ බන්. කොටින්ට කඩේ යන තොපිව ආයෙ අදාළම නෑ. තොපිට තියෙන්නෙ සයිටම් විතරයි. උඹලගේ අන්තරේ මේ රටට පිළිලයක් විතරයි. තොපිව එළවලා දාපු දවසට අහිංසක කෙල්ලෙක්ට කොල්ලෙක්ට රැග් නොවී ඉන්න ලැබෙයි. අම්මලා තාත්තල ළමයි හදල කැම්පස් එවන්නෙ උපසංකෘතික ලිංගික පරපීඩාකාමුකයිට ආතල් ගන්න නෙවෙයි. තොපි නවක වදේ දීල ළමයි මරපු උන්. සමහරු මැරෙන තැනට ගෙනත් දාපු උන්. එහෙවු තොපි යාපනේ උඹලගෙ උන් ගුටි කද්දි දෙමළට පු* දෙන එකේ කිසිම පුදුමයක් නෑ. තොපි ඒ චාටර් තැනටම වැටිල ඉවරයි. කැම්පස් එන හොද කොල්ලො කෙල්ලන්ටත් ලැජ්ජාවක් තොපි. ළගදිම දවසක් එනව මිනිස්සු කැම්පස් වලට ළමය එවන්න කළින් හිතන. අපි වගේ උන් නම් එවන්නෙත් නෑ. මොකද අපි එකේක පරයින්ගෙන් ගුටි කන්න ළමයි හදන් නෑ.

අවසාන වශයෙන් ඉතා ගෞරව පූරවකව, අන්තරේ ජ්‍යෙශ්ඨ උත්තමයනි, උත්තමාවියනි. ඔබලාගේ ශුද්ධ වූ විප්ලවය හොදින් රෝල් කර තම තමන්ගේ අධෝ මුඛයන්ගේ අඟල් 2ක් පමණ උසට ගසාගෙන පු*වල්ද පොළවේ ගසා ගන්නේ නම් මැනවි. මොකද උබලගෙ විප්ලවෙත් උබලා වගේමයි. කිසි කමකට නෑ, ප්‍රතිපත්තියක් නෑ. රටටම වාතයක් විතරයි.

දවසක් ළගදිම එනව රටේ මිනිස්සු උඹලට ගහල පන්නන. මොකද පොලිටික්කො වගේ උබලත් වද දෙන්නෙ අහිංසක මිනිස්සුන්ට. මිනිස්සු උඹල එක්ක වෛර බදින එකේ කිසිම පුදුමයක් නෑ, මොකද ඒකට ඕනෙ පොහොර ටිකත් උබලම දාල දෙන හින්ද.

උබලා සමාජවාදියො නෙවෙයි මචං. උබල මහම මහ සමාජ රෝගියො......











ලංකාවේ තරම් හෝලි
ඉන්දියාවේවත් නොමැති
කොරියාවේ අගල් දෙකේ
පිරිමි කෑලි වලට
අපේ ගොන් කෑලි මැරෙති
යථාර්තය නම් කොටයි පුතේ
අර බලි මේ බලි
නන්නත්තාරේ රැල්ලට දුවන්නේ
රට වටේ මුහුද හින්ද වෙන්ඩ ඇති
පාට උලති හැලොවින් යති
සුදු ඇදුමක් ඇද වැස්සට වත්
පන්සලක් පලාතක නොයති
ලංකාවේ සිරි ලංකාවේ
තරම් බත් කන හරකුන් ලොව
වෙන කොහේවත් නැති