සැම දෙයකටම, ගැටළුවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. අප
යම් කාරණයක් ගැන මතිමතාන්තර දක්වා පොර වීමට දගලන්නට කලියෙන් ඒ පිළිබඳ සැම විටම
සලකා බැලිය යුතුමය. එල්ලුම් ගහට දක්වන
චූදිතයාගෙන් පවා නිදහසට කරණු විමසන්නේ අදාළ සෑම කරුණක්ම නොසලකා හැර සර්ව සාධාරණ
තීරණයකට එළඹිය නොහැකි නිසාය.
ඇතැම් අයවලුන්ට අනුන්ගේ ගැටළු වලට හොට නොදා සිටීමට නොහැකි රෝගයක් ඇත. ඔවුන් ඒක පාර්ශවීය කරුණු විමසීම් හරහා ගැටළු වලට විසදුම් සපයන්නේ අඩුම තරමේ එම ගැටළුව ඇති ස්ථානයටවත් යන්නේ නැතුවය.
තත්ත්වය මෙසේ වූ කළ තමන්ගේ පණිවිඩ කරු කියන්නේ ඇත්තක්ද නැද්ද යන්නවත් තහවුරු කර ගැනීමේ හැකියාවක් ඔවුනට නැත. මන්ද ඔවුන් ඇත්ත කියා සිතා සිටින දේ බොරුවක් වන විට, ඒ බොරු මත පදනම්ව ඉහත කී හොට දිග උදවිය ලබා දෙන්නා වූ විසදුම් වලින් පීඩාවට පත් වන්නේ ගැටළුව තුළ සිරවී සිටින අවයලුන්ය. මන්ද ඒ උපදෙස් හරහා තම බොරු සාධාරණීකරනය කර ගන්නා පාර්ශව තවත් හයිය ගෙන දැගලීමට පෙළබෙන නිසාය.
බොරුව ඉතා දරුණුය. කටේ සද්දෙන්, පොළවේ අඩි හප්පා තහවුරු කරන්නට දගලන බොරු ලිපෙන බාපු ගමන් බොහොම සැරය. නමුත් ඒ බොරු වීදුරු මාලිගා ඇතුලේ සිට එළියට ගසන ගල් වැනිය. කවදා හෝ එම මාළිගා බිමට සමතලා වන්නේය.
එසේ සමතලා වූ දිනට බොරුවලට උඩ ගෙඩි දුන් අයට යන එන මං නැති වනු ඇත. බොරුව මිහිරිය. ගැටළුව තමන්ගේ වන තුරු කාගේත් විසදුම් දාර්ශනිකය. බතල කොළේ හිටවන්නේද කටින් නිසා බහින ලබ්බක් ද නැත.

බලා සිටිය යුතුමය සත්‍යය ඉස්මතු වන තෙක්. මොකද
බොරුවෙන් හැමදාම දිනන්ට බැරිය
No comments:
Post a Comment