70 වන නිදහස් දිනයත් පැමිණ ඇත. නිදහස ලබා අවුරුදු 70 ක් ගිහිනුත් සමරන්නේ මොනවාද අසන රැඩිකල් පොරවල්ද කරළියට පැමිණ ඇත. විවෘත ප්‍රශ්නයක් අදාළ සියල්ලටම යොමු කරන්නේ කට වසා සිටීමේ සීමාව බින්දුවටම පැමිණ ඇති බැවින්ය.
“අපිට සමරන්න තියෙන්නෙ මොනවද? අපි දියුණු නෑ. අපේ මහ උන්ගෙ කාලෙත් කීවෙ ශ්‍රී ලංකාව යනු දියුණු වෙන රටකි කියලා. අපිත් ඒක කියනව, අපේ පොඩි උනුයි උන්ගෙ පොඩි උනුත් ඕකම කියනව. මහ ලොකු අවුරුදු 2500 බම්බු ඉතිහාසයයි රෙද්දෙ ආගමයි ජාතියයි ගැන තවුසන්ඩ් ටොල්කුයි විතරයි.“
ඔන්න ඕකනේ අර අලුත් පරපුරේ ඉන්න අලුගුත්තේරුවො පස්සෙ යහ රැඩිකල් නෝන මහත්තුරු ටික කියන්නෙ.
දියුණු වෙමින් පවතින කියන්නෙ බොලව්, අපේ මොනවද රටක් හැටියට දියුණු වෙන්න තිබ්බෙ කියලා ඉතිහාසේ කියවල බලපල්ල. තොපි පුපේ සබන් ගාන්නෙවත් නැතුව පුප දික්කරන සුද්දන්ට අදටත් හොයාගන්න බැරි කොහොම කළාද කියලවත් තේරෙන්නැති වැඩ අර අවුරුදු 2500 ඇතුලෙ අපි කොච්චර කළාද. මේ පුංචි කෘෂිකාර්මික රට රටවල් කීයකට ආහාර යවල තියනවද. අපි කොච්චර ස්වයං පෝශිත රටක් ද කියලා කියවපල්ලා. අපි අපේ සංස්කෘතිය උරුම දායාද එක්ක ආවනම් අපි අද කොහෙද කියල තොපෙ මහ උන්ටවත් හිතා ගන්න බෑ බොලව්. මේ රටේ කෙල්ලෙක් තනියම මහ රෑ වුණත් රටේ එහා කොනේ ඉදින් මෙහා කොණට ආවේ ඒකාධිපති රජ කාලෙ මිසක් තොපෙ රෙද්දෙ ප්‍රජාතන්ත්‍රවාදෙ නෙවෙයි. ඒකෙ ඵල ඕනෙ නම් රටේ දේශපාලන පරිසිරය හදාරපල්ල. එකේක ගහල පරයින් ගමයි රටයි දීල බලමු කියි කිය එක්ස්පෙරිමන්ට කරන්න දගලන්නැතුව. ඔය ඔක්කොටම මුල තොපෙ නොදැනුවත්කම. උබල රට ගැන දන්නෙ නෑ. කිසිම දෙයක් දන්නෙ නෑ.
ඉතිහාසෙ බලපල්ල. ඉන්දියාවෙ පරයො මේ රට විනාස කරන්න ආපු හැටි. තම්බියො ඇවිත් මුල් බැහැ ගත්ත හැටි. පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි හැත්ත මේ රට දූෂණය කරපු හැටි. අපේ හාමුදුරුවරු ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධාගමයි ජාතියයි රැක ගන්න හැම කැප කිරීමක් ම කරපු හැටි. සුද්දො ගියේ අපේ කොන්ද කඩල බොලව්. උන් ගියේ අපිව අපිටම නැති කරවල. අපි කවුද කියන එක අපිට අමතක කරවල. අපි හැම ලබ්බම පිටරටින් එනකන් හිටපු උන් නෙවෙයි තොපි කියනව වගේ අපි තාම දියුණු වෙන රටක්ය කියල ලබ්බද සමරන්නෙ අහන්න. තොපි වගේ හරක් එදත් හිටිය. උන් එදත් කියන්න ඇති මේක සර්වාගමික රටක් ය කියල. උන්ගෙන එන උන් තමයි දැන් පොශ් ටෝල්ක් දෙන්නෙ මේ රටේ දෙන කිසිම දෙයක් ගන්නෑ කියල.
අපි කවුද කියන අපේ අනන්‍යතාව අමතක කරල අපිට ලෝකෙ දිනන්න බෑ. අපි අපේ ශක්තීන් හැකියාවන් ඔක්කොම අමතක කරල සුද්දට දෙන එකයි අදටත් කරන්නෙ. අපේ වගේ පොහොසත් ඉතිහාසයක් උරුමයක් ලෝකෙ කොහෙවත් නෑ. මිසර රාජධානියෙ තියනව. හැබැයි අද පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ මාතෘකාවක් එනව, මිසරයටත් අපේ පුංචි රටෙන් තාක්ෂණය ගිහින් තියනව කියල. එහෙම රටක් අද දියුණු වෙන රටක් වෙලා තියෙන්නෙ දේශපාලකයො හින්දම නෙවෙයි. ජාතියක් හැටියට අපි කරපු වැරදි හින්ද. අපේ කම අමතක කරපු හින්ද. ඒකයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ.
මට නිදහස ගැන ආඩම්බරයි. ඒ අවජාතක සුද්දෙක් හින්ද නෙවෙයි. අපේ මුතුන් මිත්තො ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැප කිරීම හින්ද. ඒ කැපකිරීම් වලට අපි ණයගැති හින්ද. ඒ දේවල් අපි රැක ගන්න ඕනෙ හින්ද. මේ වගේ ලස්සන, මෙහෙම දේශගුණයක් පිහිටීමක් තියන රටත් ආයේ නෑ. මේක අපි ඉපදුන මැරෙන රට. ඒක මතක තියාගනිල්ලා. අපේ මුතුන් මිත්තො විතරක් නෙවෙයි. ත්‍රවිධ හමුදාව පොලීසිය ඇතුළු සියළුම ආරක්ෂක අංශ වල කොල්ලො කෙල්ලො ටිකත් මතක් කරපල්ලා. උන් මේ රට බේරද්දි අම්මලගෙ රෙද්ද අස්සෙන් එළියට බැහැපු නැති එකාලා තම දැන් වදන් දෙන්නෙ. ලැජ්ජ වෙයල්ල.
කැප්පෙටිපොළ අදිකාරම්තුමාල අද තොපෙ පුපේ ලොජික් දැක්කනම් කඩුවෙන්ම බෙල්ල කපාගන්නවා බොලව්. ජාතියට ආගමට ගරු කරපල්ල වැසිකිලියටත් රැඩිකල් විදිහට යන්න දගල දගල දොන්ත ටොල්ක්ස් දෙන්නෙ නැතුව. ඇත්තටම අපි කණගාටු නෙවෙයි ආඩම්බර වෙන්න ඕනෙ, ජාතියක් ආගමක් ජන්මයක් කියල එක්ක නැතිව ලෝකෙ පස්සෙ දුවල පොර වෙන්න හදන හිවල් රැලක් මැද්දෙ රටක් හැටියට මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්න එකට.
ඔළු ඇතුලෙ තවම මොනව හරි ඉතුරු වෙලා තියනවනම් තමන්ගෙන්ම ඔය ටික අහපල්ලා. එච්චරයි
උමගෙන් එහා ලෝකය
Saturday, February 3, 2018
Monday, June 26, 2017
අමාත්‍යාංශ භීෂණය
සෞඛ්‍ය අමාත්‍යාංශ භීෂණය නැඟලා ඇවිත් දැන් බැහැලා යන අවස්ථාවේ මාගේ බුකි මිතුරු මිතුරියන් කියා සිටින්නා වූ දේවල් දෙස බලා සිට යම් කිසි කරුණු කාරණා කිහිපයක් ප්‍රකාශ කිරීමට සුදුසු යැයි සිතමි.
නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය යන දේවල් රටකට නැති විය යුතු නැත. නගරයේ අපි භුක්ති විදින වරප්‍රසාද ඈත ගම් දනව් වල අහිංසක දූ පුතුන් හටත් උරුම විය යුතුය. ඒ ගැන තර්ක දෙකක් නැත.
ගැටළුව ඇත්තෙ වෙන තැනකය. අගමුල පටලා ගෙන අවුල් වුණ පඹ ගාලක් තුළය. දැන් දකින්නට ඇත්තේ කාගේ කාගේත් දේශපාලනික වූ ගොන් තර්ක ගොන්නක් මිසක සාධාරණ අරමුණකට කරන්නා වූ විප්ලවයක් නොවේ.
අන්තරේ උදවිය අල්ලා ගෙන සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාවටම බැන වැදීම පිළිගත නොහැකි සහ සිදු නොවිය යුත්තක බව මම සිතමි. විශ්ව විද්‍යාල තුළ ඔබ මම ගරු කරන ආදරය කරන අපගේම අය ඕනෑ තරම් සිටිති. රැල්ලට මාර්ක්ස් වාදීන් පස්සේ දුවනවා වෙනුවට ඔළුව පාචිච්චි කර ගැටළු විසදීමට උත්සහ කරන නිහතමානී උගතුන් රැසක් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටිති. මී හරකුන් කිහිප දෙනෙකු නිසා එම සියලුම දෙනා හෙළා දැකීමට කාටවත් සාධාරණ අයිතියක් නොමැති බව එසේ කරන තකතීරුවන් සිහි තබා ගත යුතුමය.
විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා තමන් අති මහත් උසස් කුලයකට අයත්යැයි සිතමින් එම වරම නොලැබෙන වසරකට 80,000 ක් පමණ වන සිසු සිසුවියන් පහත් කොට සලකමින් උන්ට මඩ ගසමින් අවලාද නගමින් රගන්නා වූ පර කුලේ හැතිකරේ කීප දෙනාටද කිව යුත්තේ මෙයයි. ත්රීමාලා ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආ සිසු ව්‍යාපාරයට අද මහ ජනතාවගේ සහය අවශ්‍ය වී ඇති මොහොතක නුඹලාගේ ගොන්කම ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමෙන් වැලකිය යුතුය. නුබලා කට අරින වාරයක් පාසා නුබලාගේ පැත්තට සිටින මිනිසුන් අඩු වනවාට වැඩි දෙයක් වන්නේ නැත.
උපාධිය ලැබුණු පළියට උගතුන් බිහි වන්නේ නැත. උපාධි නොතිබුණද බුද්ධි මට්ටම ඉහළ උගතුන් අප අතර සිටිති. ලංකාවේ කටපාඩම් ක්‍රමය තුල බිහිවන සෑම උපාධිධාරියාම එය ලැබිය යුත්තාමද යන්න සලකා බැලිය යුත්තේ කට පාඩමට දුර්වල බුද්ධිමතුන් අප හැමෝගේම පන්ති වලින් හැලී ගිය බව අපි සැවොම දන්නා නිසාමය. (උපාධිය හෑල්ලු කිරීමට නොවේ. සෑම දෙනාටම අදාළ ද නැත)
රටේ සෑම දෙනාටම උසස් අධ්‍යාපනය සඳහා නිදහස් අධ්‍යාපන හිමිකම තිබෙන්නේනම් එය ඉතා වටිනා සම්පතකි. නමුත් 6% ක දළ දේශීය නිෂ්පාදනය අධ්‍යාපනය උදෙසා ලබා නොදෙන ආණ්ඩු සමඟ ඒවා දවල් හීන පමණි. කළ හැකි දෙය උගතුන් පාර්ලිමේන්තු යන දවසක මේවා අදියරෙන් අදියර විසදා ගැනීමය. උගතුන්ගෙ ආණ්ඩුව යනුවෙන් අදහස් කළෙ ජවිපෙ ආණ්ඩුවක් නොවන බව ද සලකන්න.
දේශපාලන වහලුන් අතර උපාධිධාරී වහලුන් සහ උපාධිධාරී කැරලි කරුවන් අපට අවශ්‍ය නැත. තමන්ගේ උන් වුණාට කමක් නැත. වැරදි විවේචනය කරන්න. ගොන් තර්ක දාන්න අවශ්‍ය නැත.
සියල්ලටම කලින් කරන්නට හැකි නම් බුකියේ ඇති ගොසිප් පේජ් ටික චකබ්ලාස් කරන එක හොද පටන් ගැන්මක් වෙයි. මොකද හොරට හදපුවත් තියනව. ඇත්ත මොනවද දන්නෙ නෑ. නිව්ස් මවනව. ඒවගෙන් වෙන්නෙ නැති මගුල් වලට මිනිස්සු අවුස්සන එක විතරයි. දැන් කට්ටිය අහනවා ඇයි නිදහස් උත්සවේට පාර වහනකොට බනින්නැත්තෙ. නෑ මිනිස්සු අම්මා මුත්තා නැතුව බනිනව. කැම්පස් උන්ට විතරක් බනින්නෙ අය. උන්ටත් බනිනව පාරවල් වැහුවම. අපි සමාජෙ තේරුම් ගන්න ඕනෙ. සරලව පොලිටික්කොයි කැම්පස් උනුයි ප්‍රයිවට් උනුයි බුකියෙ ලැගගෙන හිටියට රටේ අනිත් මිනිස්සු එහෙම පැය විසිහතරම ඔන්ලයින් නෑ. එහෙව එකේ ඒක ගැන හිතන් නැතුව දුක කදුළු වේදනාවේ ඔබ්බවල බුකියෙ පොස්ට් හද හදා දාන එක හරිම ගොබ්බයි. රටේ මිනිස්සු ගැන දැන ගන්න ඕනෙ උදවිය පාරට බහින්න. එතකොට බලන්න පුළුවන් පාරවල් වහන් නටන හැමෝගෙම ඉපදෙන්න ඉන්න උනුත් එක්ක මතක් කරල ජාතිය අමතන හැටි. අපේ මිනිස්සු ඒ අතින් හරි වෙනස්. හරිම සුන්දරයි. පාරට බැහැල බලන්නකො මිනිස්සු අතරට ගිහින්. මහ බැංකුව වුණත් එහෙමයි. මිනිස්සු තවම බනිනවා. ඒව දැක්කෙ නෑ කියන අය ඒවා නොදැක්කා වගේ ඉදල දැන් තමන්ගෙ වාසියට කියවල වැඩක් නෑ.
අමාත්‍යාංශ සිද්ධිය ගැන කිව යුත්තෙ මෙයයි. අන්තරේ සහෝදර ගොල්ල චේ ලා කස්ත්‍රෝ ලා පස්සේ රෙදි නැතිව හෝ ගියාට කමක් නැත. නමුත් ඔවුන් ඉන්නේ කියාබාවේ නොව ශ්‍රී ලංකාවේය. මෙරට නීති උන්ටද අදාළය. රටේ නීති හදන සහ ආරක්ෂා කරන උන් අමු අමුවේ එම නීති කඩන කොට රටේ උගත් කොටස්ද එම මාර්ගයේම ගමන් කිරීම රටකට කොතරම් සුදුසුදැයි එම සිද්ධිය සාධාරණීකරණය කරන්න වලි කන කවුරුත් සිතා බැලිය යුතය. මොකද එමගින් මුලු රටකට සහ බාල පරම්පරාවලට යන්නෙ වැරදි පූර්වාදර්ශයන් පමණක්ම වන නිසාය. අදාළ සිද්ධියේ වීඩියෝ බලන විට අමානුශික විදිහට ළමයි ගුටි කනවා දකින්න තියෙනවා වගේම එහෙම වෙන්න කළින් STF එක ඒක පාලනය කරගන්න හදන ඒවා ගහනවා වෙනුවට ගුටි නොකා පලයවු කියන්න වගේ නොගහ එළවන ඒවාත් තියනවා. ඒවා කවුරුත් කථා කරන් නෑ. ඕවට අල්ල ගන්න ඕනෙ ඇකා ලයි ඇකාගලෙත් මහ එකා ලා. මොකද ගහනව කියල දැන දැන ළමයි අවුස්සලා මකර කටට දානවට. රුසියාවෙ දෙවන ලෝක යුද්ධ කාලෙ රුසියන් සොල්දාදුවන්ට පසුබසින්න බෑ. මොකද For their glorious motherland කියල උන්ගෙම comrades ලා ජීවිත බේරගන්න ආපස්සට එන තමන්ගෙම උන්ට මැරෙන්න වෙඩි තිබිබ. ඒ විප්ලව කළේ එහෙම. ඒකෙ තේරැම ඒක හරි කියන එක නෙවෙයි. හතුරන්ගෙ විදිහට තමනුත් හැදෙන එක. ක්‍රමවේද වෙනස් කරන එක. ඒ නැතුව හැමදාම නාලා ගුටි කාලා අපි අද කෑව ඒත් අපි හෙටත් කන්න එනව කියල අර සූර පප්පා එකේ රෝමන් කාරයො වගේ නටන්න ඕනෙ නෑ. මොකද උබලට වදිද්දි අපිටත් රිදෙනව. මොකද උබලගෙ සමහර උන්ට අමතක වුණාට උබලත් අපේම උන්. අපි ඔක්කොම රටේ සිස්ටම් එකේ වැරදි හින්ද දුක් විදින උන්. ඒක තේරම් ගනිල්ලා. කවුරු කවුරුත් කරන්නෙ දේශපාලනේ. ඒ කියන හැම එකම වහල්ලු වගේ කරන් නැතුව විවේචනය කරන්න. දේශපාලන වහල්ලු පිරුණ රටකට උපාධිධාරී වහල්ලු ඕනෙ නෑ. කට්ටිය මේ පාර හොදම කෑමක් ඉල්ල ගත්තෙ. අමාත්‍යාංශයට පැනල දැන් ලොකු බිලකුත් එක්ක නැති ලෙඩක් දාගන්නම කට්ටිය පාර කපල දීලා තියෙන්නෙ.
දැන් දුක හිතෙන කවි කථා දාලා වැඩක් නෑ. මේ ඇත්ත තේරුම් ගන්න. මෙහෙම කරපියව් මේව දීපියව් කියල බුකියට පෝස්ට් දාන්න ඕනෙ ගොනෙකුට පුළුවන්. ඒත් ඒවා ප්‍රායෝගික විදිහට කරන්නෙ කොහොමද කියලත් හිතන්න. සටන් කරන්න කලින් ඔය ඔක්කොම වෙන්න ඕනෙ. නැත්නම් හැමදාම හටං විතරයි. ඒකත් නාලා කාලා හිරෙත් ගිහින් නෙ ඉවරවෙන්න.
මේ රටේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යය වැනි වරප්‍රසාද එපා කියනවා නම් උන් මජර බූරුවන්ය. එහෙම උන් වැඩිය නැත. ඇත්තේ රටටම අතලොස්සකි. උන්ද අදාළම නැත. රටේ මිනිස්සු එපා කියන්නේ නිදහස් අධ්‍යාපනය සෞඛ්‍යය නොවන බව එසේ හිතන් ඉන්න සමහර අන්තරේ විරුවන් කීප දෙනෙක් සහ උන්ට කඩේ යන උදවිය තේරුම් ගත යුතුය. උන් කළ යුතු අනිත් කරුණ වසරකට විශ්ව විද්‍යාල වරම අහිමි වෙන 80% ක් දෙනා බූරුවන් මෝඩයින් කර තමන් විතරයි පොර කියන හීන මානය පිරුණු කුහකකම අතහැරීමය. මොකද ඒ සෑම දෙයක් හරහා ම නුබලා සමාජය ඉදිරියේ සමස්ථ විශ්ව විද්‍යාල ප්‍රජාව අපහාසයට ලක් කරනවා පමණක් නොව ඒ ප්‍රජාව වෙත තිබිය යුතු ජනතා ප්රසාදයද නැති කරවන්නා වූ නිසාය. අමාත්‍යාංශ භීෂණය විශ්ව විද්‍යාල ප්‍රජාව මහ ජනතාව අතර කොතරම් අප්‍රසාදයට ලක්කරවා ඇත්ද යන්න බලන්නට නම් බුකියෙන් එළියට, රටේ බහුතරය ඉන්න සමාජයට එන්න. සමස්ථය එසේ අප්‍රසාදයට ලක්වීම සිදු නොවිය යුතු අනුමත කළ නොහැකි තත්ත්වයන් බව කණගාටුවෙන් යුතුව පැවසිය යුතුමය.
මිනිසුන් නුඹලා සමඟ සිටගන්නා තුරු මේ විප්ලව දිනන්නට නොහැක.
හිතවත් රාජ්‍ය සහ පුද්ගලික අධ්‍යාපන ආයතන වෙනුවෙන් කථා කරන සහෝදර සහෝදරියනි. රටේ නීතියට ගරු කරන්න. මනුස්සකමට ගරු කරන්න. කාට වුණත් හිත් රිදෙන වචන කියන්න කලින් හිතන්න. ඔක්කොටම වැඩිය උපහාසය අපහාසය වෙන්න කලින් නවතින්න.
ස්තූතියි
හිත් රිදවාගැනීම් සදහා වග කියනු නොලැබේ.
දෙපැත්ත
සැම දෙයකටම, ගැටළුවකටම අවම වශයෙන් දෙපැත්තක් ඇත. අප
යම් කාරණයක් ගැන මතිමතාන්තර දක්වා පොර වීමට දගලන්නට කලියෙන් ඒ පිළිබඳ සැම විටම
සලකා බැලිය යුතුමය. එල්ලුම් ගහට දක්වන
චූදිතයාගෙන් පවා නිදහසට කරණු විමසන්නේ අදාළ සෑම කරුණක්ම නොසලකා හැර සර්ව සාධාරණ
තීරණයකට එළඹිය නොහැකි නිසාය.
ඇතැම් අයවලුන්ට අනුන්ගේ ගැටළු වලට හොට නොදා සිටීමට නොහැකි රෝගයක් ඇත. ඔවුන් ඒක පාර්ශවීය කරුණු විමසීම් හරහා ගැටළු වලට විසදුම් සපයන්නේ අඩුම තරමේ එම ගැටළුව ඇති ස්ථානයටවත් යන්නේ නැතුවය.
තත්ත්වය මෙසේ වූ කළ තමන්ගේ පණිවිඩ කරු කියන්නේ ඇත්තක්ද නැද්ද යන්නවත් තහවුරු කර ගැනීමේ හැකියාවක් ඔවුනට නැත. මන්ද ඔවුන් ඇත්ත කියා සිතා සිටින දේ බොරුවක් වන විට, ඒ බොරු මත පදනම්ව ඉහත කී හොට දිග උදවිය ලබා දෙන්නා වූ විසදුම් වලින් පීඩාවට පත් වන්නේ ගැටළුව තුළ සිරවී සිටින අවයලුන්ය. මන්ද ඒ උපදෙස් හරහා තම බොරු සාධාරණීකරනය කර ගන්නා පාර්ශව තවත් හයිය ගෙන දැගලීමට පෙළබෙන නිසාය.
බොරුව ඉතා දරුණුය. කටේ සද්දෙන්, පොළවේ අඩි හප්පා තහවුරු කරන්නට දගලන බොරු ලිපෙන බාපු ගමන් බොහොම සැරය. නමුත් ඒ බොරු වීදුරු මාලිගා ඇතුලේ සිට එළියට ගසන ගල් වැනිය. කවදා හෝ එම මාළිගා බිමට සමතලා වන්නේය.
එසේ සමතලා වූ දිනට බොරුවලට උඩ ගෙඩි දුන් අයට යන එන මං නැති වනු ඇත. බොරුව මිහිරිය. ගැටළුව තමන්ගේ වන තුරු කාගේත් විසදුම් දාර්ශනිකය. බතල කොළේ හිටවන්නේද කටින් නිසා බහින ලබ්බක් ද නැත.
ඇතැම් අයවලුන්ට අනුන්ගේ ගැටළු වලට හොට නොදා සිටීමට නොහැකි රෝගයක් ඇත. ඔවුන් ඒක පාර්ශවීය කරුණු විමසීම් හරහා ගැටළු වලට විසදුම් සපයන්නේ අඩුම තරමේ එම ගැටළුව ඇති ස්ථානයටවත් යන්නේ නැතුවය.
තත්ත්වය මෙසේ වූ කළ තමන්ගේ පණිවිඩ කරු කියන්නේ ඇත්තක්ද නැද්ද යන්නවත් තහවුරු කර ගැනීමේ හැකියාවක් ඔවුනට නැත. මන්ද ඔවුන් ඇත්ත කියා සිතා සිටින දේ බොරුවක් වන විට, ඒ බොරු මත පදනම්ව ඉහත කී හොට දිග උදවිය ලබා දෙන්නා වූ විසදුම් වලින් පීඩාවට පත් වන්නේ ගැටළුව තුළ සිරවී සිටින අවයලුන්ය. මන්ද ඒ උපදෙස් හරහා තම බොරු සාධාරණීකරනය කර ගන්නා පාර්ශව තවත් හයිය ගෙන දැගලීමට පෙළබෙන නිසාය.
බොරුව ඉතා දරුණුය. කටේ සද්දෙන්, පොළවේ අඩි හප්පා තහවුරු කරන්නට දගලන බොරු ලිපෙන බාපු ගමන් බොහොම සැරය. නමුත් ඒ බොරු වීදුරු මාලිගා ඇතුලේ සිට එළියට ගසන ගල් වැනිය. කවදා හෝ එම මාළිගා බිමට සමතලා වන්නේය.
එසේ සමතලා වූ දිනට බොරුවලට උඩ ගෙඩි දුන් අයට යන එන මං නැති වනු ඇත. බොරුව මිහිරිය. ගැටළුව තමන්ගේ වන තුරු කාගේත් විසදුම් දාර්ශනිකය. බතල කොළේ හිටවන්නේද කටින් නිසා බහින ලබ්බක් ද නැත.
බලා සිටිය යුතුමය සත්‍යය ඉස්මතු වන තෙක්. මොකද
බොරුවෙන් හැමදාම දිනන්ට බැරිය
Wednesday, March 1, 2017
ඇත්ත...
ඇත්ත හරිම තිත්තයිලු
හරිම සැරයිලු
කට්ටිය ගොඩක් ඉන්නවලු
එයාල සමාජෙ හැම පැත්තම බලල
මධ්‍යස්ථව කථා කරනවලු
හැබැයි අපි ඇත්ත කථා කරපු දවසට....?
එයාලට මල පැනලලු
ලොවෙත් නෑලු
බැලින්නම් එයාලට සැහෙන්න රිදිලලු
ඇත්ත කීවම මවාගෙන ඉන්න රෙදි ගැලවිලාලු
ඔව්.. හරිම සැරයි
ඇත්ත හරි තිත්තයි
ඇත්තමට...
හරිම සැරයිලු
කට්ටිය ගොඩක් ඉන්නවලු
එයාල සමාජෙ හැම පැත්තම බලල
මධ්‍යස්ථව කථා කරනවලු
හැබැයි අපි ඇත්ත කථා කරපු දවසට....?
එයාලට මල පැනලලු
ලොවෙත් නෑලු
බැලින්නම් එයාලට සැහෙන්න රිදිලලු
ඇත්ත කීවම මවාගෙන ඉන්න රෙදි ගැලවිලාලු
ඔව්.. හරිම සැරයි
ඇත්ත හරි තිත්තයි
ඇත්තමට...
Subscribe to:
Posts (Atom)