Saturday, February 3, 2018

70 වන නිදහස් දින සමරුව

70 වන නිදහස් දිනයත් පැමිණ ඇත. නිදහස ලබා අවුරුදු 70 ක් ගිහිනුත් සමරන්නේ මොනවාද අසන රැඩිකල් පොරවල්ද කරළියට පැමිණ ඇත. විවෘත ප්‍රශ්නයක් අදාළ සියල්ලටම යොමු කරන්නේ කට වසා සිටීමේ සීමාව බින්දුවටම පැමිණ ඇති බැවින්ය.

“අපිට සමරන්න තියෙන්නෙ මොනවද? අපි දියුණු නෑ. අපේ මහ උන්ගෙ කාලෙත් කීවෙ ශ්‍රී ලංකාව යනු දියුණු වෙන රටකි කියලා. අපිත් ඒක කියනව,  අපේ පොඩි උනුයි උන්ගෙ පොඩි උනුත් ඕකම කියනව. මහ ලොකු අවුරුදු 2500 බම්බු ඉතිහාසයයි  රෙද්දෙ ආගමයි ජාතියයි ගැන තවුසන්ඩ්  ටොල්කුයි විතරයි.“

ඔන්න ඕකනේ අර අලුත් පරපුරේ ඉන්න අලුගුත්තේරුවො පස්සෙ යහ රැඩිකල් නෝන මහත්තුරු ටික කියන්නෙ.

දියුණු වෙමින් පවතින කියන්නෙ බොලව්, අපේ මොනවද රටක් හැටියට දියුණු වෙන්න තිබ්බෙ කියලා ඉතිහාසේ කියවල බලපල්ල. තොපි පුපේ සබන් ගාන්නෙවත් නැතුව පුප දික්කරන සුද්දන්ට අදටත් හොයාගන්න බැරි කොහොම කළාද කියලවත් තේරෙන්නැති වැඩ අර අවුරුදු 2500 ඇතුලෙ අපි කොච්චර කළාද. මේ පුංචි කෘෂිකාර්මික රට  රටවල් කීයකට ආහාර යවල තියනවද. අපි කොච්චර ස්වයං පෝශිත රටක් ද කියලා කියවපල්ලා. අපි අපේ සංස්කෘතිය උරුම දායාද එක්ක ආවනම් අපි අද කොහෙද කියල තොපෙ මහ උන්ටවත් හිතා ගන්න බෑ බොලව්. මේ රටේ කෙල්ලෙක් තනියම මහ රෑ වුණත් රටේ එහා කොනේ ඉදින් මෙහා කොණට ආවේ ඒකාධිපති රජ කාලෙ මිසක් තොපෙ රෙද්දෙ ප්‍රජාතන්ත්‍රවාදෙ නෙවෙයි. ඒකෙ ඵල ඕනෙ නම් රටේ දේශපාලන පරිසිරය හදාරපල්ල. එකේක ගහල පරයින් ගමයි රටයි දීල බලමු කියි කිය එක්ස්පෙරිමන්ට කරන්න දගලන්නැතුව. ඔය ඔක්කොටම මුල තොපෙ නොදැනුවත්කම. උබල රට ගැන දන්නෙ නෑ. කිසිම දෙයක් දන්නෙ නෑ.

ඉතිහාසෙ බලපල්ල. ඉන්දියාවෙ පරයො මේ රට විනාස කරන්න ආපු හැටි. තම්බියො ඇවිත් මුල් බැහැ ගත්ත හැටි. පෘතුගීසි ලන්දේසි ඉංගිරිසි හැත්ත මේ රට දූෂණය කරපු හැටි. අපේ හාමුදුරුවරු ජීවිත පරිත්‍යාගයෙන් බුද්ධාගමයි ජාතියයි රැක ගන්න හැම කැප කිරීමක් ම කරපු හැටි. සුද්දො ගියේ අපේ කොන්ද කඩල බොලව්. උන් ගියේ අපිව අපිටම නැති කරවල. අපි කවුද කියන එක අපිට අමතක කරවල. අපි හැම ලබ්බම පිටරටින් එනකන් හිටපු උන් නෙවෙයි තොපි කියනව වගේ අපි තාම දියුණු වෙන රටක්ය කියල ලබ්බද සමරන්නෙ අහන්න. තොපි වගේ හරක් එදත් හිටිය. උන් එදත් කියන්න  ඇති මේක සර්වාගමික රටක් ය කියල. උන්ගෙන එන උන් තමයි දැන් පොශ් ටෝල්ක් දෙන්නෙ මේ රටේ දෙන කිසිම දෙයක් ගන්නෑ කියල.

අපි කවුද කියන අපේ අනන්‍යතාව අමතක කරල අපිට ලෝකෙ දිනන්න බෑ. අපි අපේ ශක්තීන් හැකියාවන් ඔක්කොම අමතක කරල සුද්දට දෙන එකයි අදටත් කරන්නෙ. අපේ වගේ පොහොසත් ඉතිහාසයක් උරුමයක් ලෝකෙ කොහෙවත් නෑ. මිසර රාජධානියෙ තියනව. හැබැයි අද පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ මාතෘකාවක් එනව, මිසරයටත් අපේ පුංචි රටෙන් තාක්ෂණය ගිහින් තියනව කියල. එහෙම රටක් අද දියුණු වෙන රටක් වෙලා තියෙන්නෙ දේශපාලකයො හින්දම නෙවෙයි. ජාතියක් හැටියට අපි කරපු වැරදි හින්ද. අපේ කම අමතක කරපු හින්ද. ඒකයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ.

මට නිදහස ගැන ආඩම්බරයි. ඒ අවජාතක සුද්දෙක් හින්ද නෙවෙයි. අපේ මුතුන් මිත්තො ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැප කිරීම හින්ද. ඒ කැපකිරීම් වලට අපි ණයගැති හින්ද. ඒ දේවල් අපි රැක ගන්න ඕනෙ හින්ද. මේ වගේ ලස්සන, මෙහෙම දේශගුණයක් පිහිටීමක් තියන රටත් ආයේ නෑ. මේක අපි ඉපදුන මැරෙන රට. ඒක මතක තියාගනිල්ලා. අපේ මුතුන් මිත්තො විතරක් නෙවෙයි. ත්‍රවිධ හමුදාව පොලීසිය ඇතුළු සියළුම ආරක්ෂක අංශ වල කොල්ලො කෙල්ලො ටිකත් මතක් කරපල්ලා. උන් මේ රට බේරද්දි අම්මලගෙ රෙද්ද අස්සෙන් එළියට බැහැපු නැති එකාලා තම දැන් වදන් දෙන්නෙ. ලැජ්ජ වෙයල්ල.

කැප්පෙටිපොළ අදිකාරම්තුමාල අද තොපෙ පුපේ ලොජික් දැක්කනම් කඩුවෙන්ම බෙල්ල කපාගන්නවා බොලව්. ජාතියට ආගමට ගරු කරපල්ල වැසිකිලියටත් රැඩිකල් විදිහට යන්න දගල දගල දොන්ත ටොල්ක්ස් දෙන්නෙ නැතුව. ඇත්තටම අපි කණගාටු නෙවෙයි ආඩම්බර වෙන්න ඕනෙ, ජාතියක් ආගමක් ජන්මයක් කියල එක්ක නැතිව ලෝකෙ පස්සෙ දුවල පොර වෙන්න හදන හිවල් රැලක් මැද්දෙ රටක් හැටියට මෙහෙමවත් ඉතුරු වෙලා ඉන්න එකට.


ඔළු ඇතුලෙ තවම මොනව හරි ඉතුරු වෙලා තියනවනම් තමන්ගෙන්ම ඔය ටික අහපල්ලා. එච්චරයි