උසස් අධ්‍යාපනය යන්න රජයේ හෝ වේවා, පුද්ගලික අංශයේ හෝ වේවා, කුමන ආයතනයක් මඟින් ලබාගත්තද ඒවා පිළිගත් සම්මතයන් සහ ක්‍රමවේදයන් යටතේ ඇගයීමට හැකියාව තිබිය යුතුය. අධ්‍යාපනය යන්න අවතක්සේරු නොකළ යුත්තකි. සියලු දෙනාටම අධ්‍යාපනයට සම අයිතිවාසිකම් තිබිය යුතු අතර එය කාගෙන්වත් උදුරා ගැනීමට කිසිවෙකුට හෝ සදාචාරසම්පන්න අයිතියක් නොමැති බව අවිවාදාත්මකව පිළිගත යුත්තකි.
ඊයේ රට ගිනිගත්තේ සයිටම් නීත්‍යානුකූල බවට ලබා දුන් නඩු තීන්දුව මඟිනි. විවිධ දෙනා විවිධාකර මත පළ කරනු බලා සිටීමෙන් අනතුරුව නොකියාම බැරි කමට මමත් යමක් එකතු කරන්නෙමි.
සයිටම් වසා දැමිය යුතුය යන මතය මම කවදාවත් අනුමත නොකරමි. නමුත් වෛද්‍ය උපාධියක් වැනි සංවේදී විෂයකදී එම උපාධිය අදාළ STANDARDS නැතුව ලබාදීම මමද තරයේ ප්‍රතික්ශේප කරමි. වෛද්‍ය සේවය රටට ලෝකයට සේවය කිරීමට මිස හීන සැබෑ කිරීමට තිබෙන්නක් නොවුනද, රජයේ හෝ පුද්ගලික අංශයේ වෛද්‍ය විද්‍යාව හදාරා සේවයක් කිරීමේ පරම පිවිතුරු චේතනාව කාට කාට වුණත් තියෙන්නේ හරි අඩුවෙන්. ඕව හරි දෙපැත්ත කැපෙන කථා.
කවුද මෙතන නෑවෙ? කවුද තව නාන්නෙ? කාටද හෙටත් නාන්න වෙන්නේ?
අපිමයි. සයිටම් කථාව පැත්තක තියමු. මම සයිටම් එකෙ සිස්ටම් එක අනුමත කරන්නෙ නෑ වගේම අපේ සිසු විරුවන්ගෙ සටන අනුමත කරන්නෙත් නෑ. මොකද පාරෙ කෑ ගහල ප්‍රශ්ණ විසදන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක. දෙගොල්ලමට ඉන්නව මහ පොලොස් කොට්ටෝරු අන්තවාදියො. අන්න ඕකුන්ගෙ අදහස් චේතනා හරි නෑ. රැල්ලට සයිටම් එකට බැන්නට ඒකෙ අවුල මොකද්ද දන්නෙත් නෑ. මම හැමදාම කියනවා වගේ රට වටේට මුහුද. ඔය ඔක්කොම අස්සෙ අර කථාවත් එනව, කුහකකම. ඉතින් අපි ඔය ඔක්කොම එක හැළියෙ දාලා ලිපේ තියල හැදි ගාමු. මොකද මේවා වදින උන්ට වදිනව.
ඇත්තම කථාව මේ රටේ උසස් පෙළ ලියන උන් 70% විතර අනාථ වෙනව. අපේ EDUCATION සිස්ටම් එකේ ප්‍රායෝගික ගැටළු හින්දා. මොකද අලියෙක්ට ගහකට නැගපන් කියලා ඒක බැරිනම් ෆේ්ල් වගේ කථාවක් මෙහෙ තියෙන්නෙ. ඒ කරල උසස් පෙළ කෙළවුණොත් උගේ ජීවිතේම ඉවරයි ලු. ළමයි මුදලට උපාධි හොයන්නෙ ඒකයි. එහෙමයි කියල අධ්‍යාපනය කියන එකේ තත්ත්වය බස්සන්න එක හරි කියන්න කාටවත් අයිතියක් නෑ. ආණ්ඩුවෙ හරි පුද්ගලික හරි, මොකේ වුණත් ස්ටෑන්ඩර්ඩ් තියෙන්න ඕනෙ. අන්න ඒවා තියනවනම් කාටවත් කිසිම ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනෙ නෑ. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කියන එක ආණ්ඩු මාරු වෙන සැරයක් ගානෙ වෙනස් වෙන එකක්. ඒක එක තැන පල්වෙන්නෙ. රැකියා වෙළඳපොල කියන එක ඉලක්ක කරන සිස්ටම් එකක් මෙහෙ නෑ. හැමදාම එකම කැටගරි ටිකක් එළියට දානව ඇරෙන්න. ඔය අණ්ඩෙ දාන්න පුළුවන් මේ රටේ මහ උන්ටම තමයි. උන් ඒක දානව කියලද? අද රටේ ලෝකෙ ඉස්සරහට යන්න තියන ගොඩක් ක්ෂේත්රවලට අදාළ අධ්‍යාපන ක්‍රමවේද අපේ රටේ නෑ. නිකන් හිතන්න සමහර IT Subject ඔක්කොම තියෙන්න ප්‍රයිවට්. ඒවගෙ කරන්නෙ බිස්නස්, ඒව දුවන්න ලාභ ඕනෙ. එතකොට මාර්කටිං කරන්නෙ එස් 3 ට උපාධියක්, එස් 3 ආණ්ඩුවෙ කැම්පස් වලත් මූලික සුදුසකම කියන එක තව එකක්, ඒත් අරව බිස්නස් ට්‍රික්ස්. මේ රටේ ඉන්නව නොකර බැරුවට උසස් පෙළ කරන ළමයි. මොකද අපේ මහ උන් පොඩි කාලෙ ඉදන් ඔළුවට දාන්නේ මොනවද?
සිස්සත්තෙ පාස් වෙයන් (අම්මලගෙ විභාගේ) තෝ නැත්නම් කොහොමද ඉස්කෝලෙකට දාන්නෙ?
ඕ ලෙවල් පාස් වෙයන්, තෝ නැත්නම් උසස් පෙළ කරන්නෙ කොහොමද?
උසස් පෙළ පාස් වෙයන්, තෝ නැත්නම් කොහොමද කැම්පස් යන්නෙ?
කැම්පස් නොගියොත් තෝ කොහොමද ජීවත් වෙන්නෙ?
පින්වතුනි ඔහොම බෑ. ඔය ආකල්ප එක්ක මොකුත් බෑ. උපාධිය කියන්නෙ ජීවිතේම නෙවෙයි. උසස් පෙළ කරන්න ඕනෙ නිසා කරල, එස් 3 ඇති උපාධි ගොඩදාන්න කියල හිතන සෙට් හැදෙන්නෙ ඕව නිසා. ඒ වගේම අන්තිමට ආණ්ඩුවෙ රස්සාවක් කරනව නම් මොකක් හරි උපාධියක් තිබ්බනම් ඇති. මොකද පරිපාලන සේවෙ වුණත් ඒකෙන් ලියන්න පුලුවන්නෙ, මොකාක් හරි උපාධියකට.
දැන් අපේ උන් කෙළගන්නවනෙ, අන්තරේ විතරක් නෙවෙයි. ප්‍රයිවට් උනුත් එක්කම.
ප්‍රයිවට් එකාලා ගැන කියනවනම් සමහරු ඉන්නවා විසි කරන්න සල්ලි. බහුතරේකට ඒක නෑ. ඒ බහුතරෙ රටේ සිස්ටම් එකේ අවුල් අනන් මන්න ඔක්කොටම පින්සිද්ද වෙන්න මොනවා හරි කරල ගොඩ යන්න දගලනව.
කැම්පස් තේරෙන්නෙ පොඩ්ඩයි. ඒක බොහෝම හොද වරප්‍රසාදයක්. එතනත් ඉන්නව බොහොම අහිංසක දුප්පත් ළමයි. සමහර සමාජරෝගියො ඇරුණම
දැන් ඔය දෙකේම ඉන්නව වසවර්ති මාරයො ටිකක්. වස්සප් බ්‍රෝ.........හ් ගාගෙන පාරවල් ගානෙ බෙන්ස් බීඑම්ඩබ්ලිව් වල රගන, එකේක එ්වට ගස් වලින් කඩනව කියල හිතන් දත ගලවන උන්. අන්තරේ ජ්‍යෙශ්ඨ උත්තමයොත් ඉන්නව. තමන්ගෙ ලිංගික අසහනේ යන්න හොද හුප්පද කියල අර පොඩි උන් බය කරල පොලිසියෙන් ගුටි කන්න යවන.
අන්න ඒ පොඩි උනුයි අමාරුවෙන් ප්‍රයිවට් කැම්පස් වලට ගෙවල ඉගෙන ගන්න උනුයි ඉන්නවනේ, සරල සුද්ද සිංහලෙන්ම අලි *කයි අපි තැලෙයි කියන position එකේ උන් ඉන්නෙ. මොකා මොනවා කළත් තැලෙනවා.
දැන් කට්ටිය ෆයිට් කරනවනෙ? මොකටද ෆයිට් කරන්නෙ? සයිටම් වහන්නද? තව රාගමක් හදන්නද? අනිත් උනුත් ගේමට ෆයිට් කරනවා අපේ හීනෙ අපිට දියවු කියල. ඇයි කවුරුවත්, “කවුරුවත්“ අධ්‍යාපනේ තත්ත්වය ගැන කථා කරන් නැත්තෙ බොහොම ටික දෙනෙක් ඇරෙන්න? අපි පාරට බහින්න කලින් අපේ රට ගැන ඉගෙන ගන්න ඕනෙ. මේ රටේ තව අවුරුදු 100කටවත් උසස් පෙළ ලියන හැමෝටම ඇති වෙන්න කැම්පස් හැදෙන් නෑ. ඒවා ඇවිල්ලා දවල් හීන. තියන ප්‍රතිපාදන ටිකත් ආණ්ඩුවෙන් කපාගෙන යද්දි තව ඒවා ජනසතු කරනවා කියන එක ප්‍රායෝගික නෑ. එහෙමයි කියලා ඒවා වහලත් බෑ. හැබැයි සල්ලි ගෙවපු පලියට උපාධි දීලත් බෑ. තත්ත්වය කියන එක අනිවාර්යය දෙයක්. අපේ උන් ඔය සමාජවාද රෙද්ද විසිකරල බැලුවනම් ඕක තේරෙනව. සමාජවාදේ කියන එක ලෝකෙට හදුන්වලා දීපු රටවල් අද ඒකෙන් ඉවත් වෙනව. හැමදාම පාරවල් ගානෙ ගුටිකාලා වැඩකුත් නෑ. සටන් කරන විදිහත් වෙනස් වෙන්න ඕනෙ. මොකද අන්තිමේ ඩොකාලා වෙලා සමහරු චැනල් සෙන්ටර් එකට කාර් එකේ යනවා. අන්තරේ සයිටම් වහන්න කියල පාරෙ ගුටි කනවා. ඕකයි යථාර්තය. සමහරු කෙළින්ම කියනවනේ පස්සෙ එන උන්ටත් කරන්න විප්ලවේ තියන්න ඕනෙ ජොබ් කරද්දි ඔවා බෑ කියල. මම නම් අදටත් දන්නෙ නෑ මග දාල යන්න කරන විප්ලව වලින් ඇති වැඩේ මොකද්ද කියලා.
කවුරු කවුරුත් යථාර්තවාදී වෙන්න ඕනේ. අන්තවාදි වෙලා මේව විසදන්න බෑ. මොකද මේ ප්‍රශ්න ගිරේට අහුවුණ පුවක් ගෙඩි වගේ දෙපැත්තම කැපෙන ඒවා. සිස්ටම් එකේ අවුල් පාරෙ නටල විසදන්න බෑ කාටවත්. Tactics වෙනස් වෙන්න ඕනෙ කාගෙ කාගෙත්.
ආණ්ඩුවේ කැම්පස් එකේ 1st class උපාධි ගත්තට මනුස්සකම, සාමාන්‍ය දැනීම වගේ ඒවා නැති උන්ගෙයි සල්ලි දීල හොරට උපාධි ගන්න උන්ගෙයි කිසිම වෙනසක් නෑ. ඔක්කොම එකයි. දෙගොල්ලම දැන ගන්න ඕනේ. සමහර ප්‍රයිවට් උනුත් අපිට සල්ලි තියනව කියල රගන්න කලින් දැනගන්න ඕනෙ අමාරුවන් සල්ලි හොයාගන්න කොල්ලො කෙල්ලො ඒව බලන් ඉන්නව කියන එක. අන්තරේ උදවියත් ඔච්චර සිසු අයිතිවාසිකම් ගැන කෑ ගහන එකේ දැන ගන්න ඕනෙ අඩුම ගානෙ රැග් වගේ තුප්පහි වැඩ නවත්තල උන්ගෙ මූලික මානව අයිතිවාසිකව් ටිකවත් නැති නොකර ඉන්න.
කන්නංගර මහත්තයාට පින්සිද්ද වෙන්න අපි හැමෝටම නිදහස් අධ්‍යාපනේ කියල එකක් තියනවා. අපි එක වසරෙ ඉදන් ඒක භුක්ති විදිනවා. උසස් පෙළින් පස්සෙත් ඒක ලැබෙන්නෙ කැම්පස් යන ටික දෙනෙක්ට විතරයි. ඒකෙ ලොකු වගකීමක් එනවා, එතනින් හරියට වැඩක් කරන්න. මොකද කැම්පස් යන්නෙ දේශපාලනේ කරන්න නෙවෙයිනෙ, උඹල මල්ලි කැස්ට්‍රෝගේ නම මූණෙ ගහන් යන ගමන් ඇයි කන්නංගර මහත්තයා සමරන් නැත්තෙ ඇයි ඇහුවම ඔය සිසු විරුවෙක් කියපි “කන්නංගර ලිබරල් කාරයෙක්ය, එයා සමරන එක අදේශපාලනිකය“ කියල. සමනලීගෙ අර ගැටේ වගේ. අර ඉස්සරහට තද වෙනව කීවේ. උන් තමයි අර අහිංසක ගමේ කොල්ලො කෙල්ලො බ්‍රේන් වොෂ් කරල පොලීසියෙන් ගුටිකන්න යවන්නෙ. සටන් බිම අද හෙට ගිනි ගන්නව ලු. අදටත් තේරෙන් නෑ ඕක හරියන් නෑ කියලා. අම්මපා නිදහස් අධ්‍යාපනේ වටිනාකම ගැන ප්‍රයිවට් කැම්පස් යන උන් කියල දෙයි ඒක ආරක්ෂා කරන්න කියලා වලි කන උන්ට වැඩිය. අපතයො තැන් දෙකේම ඉන්නව, සයිටම් එකෙ සමහර උන් ඩොකාලා වගේ පේන්නෙ නෑ වගේම තමා අන්තරේ ඉදන් ටීවි එකේ කෑ ගහන සමහර උනුත් එහෙම පේන්නෙ නෑ. ඉස්සෙල්ලත් කීවා වගේ ඕවා දෙපැත්ත කැපෙන සීන්.
නිදහස් අධ්‍යාපන ක්‍රමය අපේ රටේ තිබ්බට ඒක ඒ විදිහට ක්‍රියාත්මක කරන්න අපේ රටේ සම්පත් නෑ. නිදහස් අධ්‍යාපනේ ගැන සටන් කරන උදවිය ඒක තේරුම් ගන්න ඕනෙ අර වෙලාවකට ප්‍රයිවට් කැම්පස් වහපියව් කියල මරලතෝනි දෙන්න කලින්. මොකද අපිත් පව්. හැබැයි ප්‍රයිවට් යන සමහර දත කාරයින්ටත් එහෙමයි කියල නසරානි වැඩ කරන්නත් අයිතියක් නෑ. මොකද රටේ සිස්ටම් එකේ තියන අවුල්වල පවු අහිංසක ළමයි ගෙවන්න ඕනෙ නෑති හින්දා.
අන්තිමේ කියන්න ඕනෙ කවුර කවුරුත් "HAVE LOST THEIR CAUSE" කියන එක. සටනට හේතුව කවුරු කවුරුත් අවුල් කරගෙන ඉවරයි. අදාළ උදවිය තම තමන්ගෙන් හෘද සාක්ෂියෙන් අසා ගත යුත්තේ මෙයයි,
“මේ සටන අධ්‍යාපනයේ අයිතිය සුරක්ෂිත කිරීමටද? නැතිනම් තමන් විතරයි පොර කියා තම තමන්ගේ ලොකු කම, උසස් කම, මහන්තත්තකම පෙන්වීමට පමණක්ද? නැත්නම් අපිට විතරයි අධ්‍යාපනේ ලැබෙන්න ඕනෙ, අනිත් උන මෝඩයො කියන්නද? හිගන්නො කියන්නද? එ්ත් නැතිනම් කාගෙ කාගෙත් කුහක කම විතරක්මද?
ඔය රැල්ලට දෙපැත්තට කඩේ යන දූලා පුතීලට කියන්න ඕනෙ, ඔය කියපු එකට හේතුව තේරුම් ගන්නකන් මුළු අධ්‍යාපන ක්ෂේත්රයටම ටෞකණ්ඪ දෙවියන්ගේම පිහිටයි කියන එක විතරයි.
සියලු දෙනාටම අධ්‍යපානය ලැබීමට හිමිකම ඇත. රටේ පවත්නා ප්‍රායෝගික ගැටළු නිසා රටේ බහුතරයකට පුද්ගලික ආයතන හරහා මුදලට අධ්‍යාපනය ලැබීමට සිදුවී ඇත. නමුත් එය මුදලට උපාධිය දෙන අධ්‍යාපනය බාල්දු කරන අධ්‍යාපන කඩයක් වීම සාධාරණ කරුණක් නොවන්නා සේම පුද්ගලික අංශය අකුලාගැනීමට බල කරමින්, වසරකට උසස් පෙල ලියන සිසු සිසුවියන්ගෙන් 70% -80% පමණ ප්‍රමාණයක් පීඩාවට පත් කිරීමද සදාචාරයට පටහැනි බව අදාළ කවුරු කවුරුත් තේරුම් ගත යුතුමය.
අදාළ වදින උන්ට වදින්නට මිස පෞද්ගලික පහර ගැසීමක් නොවන බව සලකන්න
අන්තිමටම කාට කාටත්, මම කිවුවේ රාජ්‍ය සහ පුද්ගලික අංශ දෙකටම,
“අවවාදයට වැඩිය ආදර්ශය උතුම් වේ“
රජයේ විශ්ව විද්‍යාලයේ, පුද්ගලික විශ්ව විද්‍යාලයේ මොකේ ඉගෙන ගත්තත් මනුස්සකම නැති මිනිසුන් වෙත ඇති උපාධිය තවත් එක් කඩදාසි කෑල්ලක් පමණක්ම වනු ඇත.
වදින උන්ට වැදියං