Saturday, December 10, 2016

“පූජාච පූජනීයානං -ඒතං මංගල මුත්තමං“

උබ කන්නග්ගර මහත්තයාගේ නම ගහපු ස්ටිකර් මූණේ ගහන් යනවද? බුකියෙ කොමෙන්ට්...
කන්නග්ගර මහත්තයාට ලව් කිරීමේ කිසිම අවශ්‍යතාවයක් මීට අදාළ නැත. අදාළ වන්නේ අගක් මුලක් ප්‍රතිපත්තියක් නැති නුවණින් කෙළ පැමිනි මහා සමාජවාදීන් (සමාජරෝගීන් යන්න වඩාත් සුදුසු වේ) පිරිසක් පමණි.

චේ ලා කැස්ට්‍රෝලා ගැන සලකා බලන විට උන්ගෙන් ගන්න ඕනෑ දේවල් ඇත. ගන්න ඕනේ නැති දේවල්ද ඇත. අපේ උන් නම් මුන් දෙදෙනාගන්, රැවුල, තොප්පිය සහ සුරුට්ටුව හැරුණු කොට ගත් දෙයක් නැති තරම්ය. කොහොමත් අපේ සමාජ වාදීන් බුකිය තුළ මේ දිනවල හැදි ගාන කැස්ට්‍රෝ හොද්දත් ඒ හොදි භාජන වල වැටෙන කමෙන්ටුත් දකිද්දී අපේ උන් ගැන තිබෙන කළකිරීම තවත් වැඩි වෙනවා මිස වෙන කෙංගෙඩියක් නම් වන්නේ නැත.

මම සමාජවාදය පසුපස යන්නෙක් නොවෙමි. මම ධනවාදය පස්සේද නොයන්නෙමි. ඔය මඟුල් දෙකම වෙනුවට අපේ රටේ තිබුණු පාලන ක්‍රමය සමාජය ආර්ථිකය සුද්දන්ගේ ලණු ගිල, විහින් කෙළවාගෙන පිටරටවල් වල ලබ්බවල් පස්සේ අපේ උන් දුවන එක නතර කරන්නේ කවදාද යන්න ගැන පමණක් මම විමසිලිමත් වෙමි. වැරැද්ද අපේමය. අපි අපේ රටේ වීරයන් අමතක කළෙමු. අපේ රටේ ඉතිහාසය අමතක කළෙමු. අපි මේ ගෙවන්නේ ඒවායේ වන්දිය. ජාතික වීරයෙක් නම් කරන්නට කියූ විට එක් යුවතියක් “මාතලන්“ සහෝදරයා කීවේ එ්කය. ඒවා වෙනම කථාය. එන 12 වෙනිදා අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිගේ 13 වන ගුණ සමරුවය. ගිය අවුරුද්දේ ගුණ සමරුවට හිටියේ 17 දෙනයි ලු. ඒ ජාතියේ කරුමයට දැයට අහිමි වූ අපේ කාලයේ වීරයෙක්. නිකන් මතක් කරන්න කීවේ.

සමාජවාදීන් වැඩිහරිය ඉන්නේ අපේ ආදරණීය අන්තරේය. උන්ගේ ප්‍රතිපත්ති සුපිරිය. යාපනේ සිංහල උන් ගුටි කද්දී ජාතිවාදේ අවුස්සන්න එපා කියා බුදියා ගන්නා උන් දෙමළ කොල්ලන්ට වෙඩි තිබ්බා කියා පාරවල් ගානේ පෙළපාලි ගියහ. මා 6 වසරට පාසල් යද්දීද උන් පාරේය. අදටත් උන් පාරේය. බෝඩ් වෙනස්ය. මූණු වෙනස්ය. හිගන්නගේ තුවාලෙ වගේය. හොද වීමක් නොමැත. සාක්කුවට සල්ලි වැටෙද්දී සමාජවාදෙ විසිවී ධනවාදයට කොක්ක හේත්තු වන්නේය. ඉතින් විප්ලවය එතනමය. ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් හිමි ස්ථිර රැකියා මෙන් මේ සමාජවාදීන්ගේ ඉහත කී විප්ලවයට ද නිමක් නැත. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් චක්‍රෙල්ඛයක් සකස් කර මුන්ට පැන්ෂන් එකක් ගෙවුවාටද කමක් නැතැයි සිතෙන්නේ ඒකමය.

මේ නිදහස් අධ්‍යාපනය උදෙසා සටන් වදින ඇතැම් උන් අහන්නේ කන්නග්ගර ලිබරල් කාරයෙක් බවත් එය පොදු ජන ව්‍යාපාර වලට අදාළ නැති බවත් ය. එය එසේ අසන්නා ගේ අදේශපාලනික බවත්ය. මේ සිංහල මම නොදන්නෙමි. මේවාද සමනලීගේ අපබ්‍රංස වැනිය. අර මොකද්ද ගැටයක් තද වෙනව කීවේ. ඒ වගේ. නමුත් කැම්පස් යන උන්ගේ වගකීම දේශපාලනය කිරීම නොවන බව දනිමි.

ඉතින් මුන්ගේ මානසික මට්ටම ගැන තීරණය කිරීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැත. අදාළ බුකි පෝස්ට් වල කොමෙන්ටු ටික හොදටෝම ප්‍රමාණවත්ය. චේ ලා කැස්ට්‍රෝලා, උන්ට මොනවා නැතත් ප්‍රතිපත්තියක් විය. අපේ උන්ට ඒකත් නැත. කන්නග්ගර මහත්තයා නිදසහ් අධ්‍යාපනේ ගැන කියද්දි ඩී.එස්. සේනානායක මහත්තය මොකද්ද ඔය නටන නාඩගම කියල ඇහුවලු. බණ්ඩාරණායක මහත්තයත් කීවලු එතකොට අපිට පොල්ගහකට යවා ගන්නවත් මිනිහෙක් නැතිවෙනවනෙ මහත්තයො කියල. ඒත් සී.ඩබ්.ඩබ්. කන්නග්ගර මහත්තයට පින්සිද්ද වෙන්න මේ රටේ නිදහස් අධ්‍යාපනේ කියල එකක් තියනව. ලලිත් ඇතුලත්මුදලි මහත්තයට පින්සිද්ද වෙන්න ඔය මහලොකු අන්තරේ උන්ට මහපොළ කියල අරමුදලක් තියනවා. කැම්පස් එකේ චේ ගේ පින්තූර තියනවා. කන්නග්ගර මහත්තයවත්, ඇතුලත්මුදලි මහත්තයවත් නෑ. දැන් අහන්න එපා උබ සමරනවද කියල. මොකද මට තනියම බෝර්ඩ් උස්සන් පාරේ යන්න බෑනෙ උබලා වගේ.

කරුමෙට හරි කන්නග්ගර මහත්තයා ඔය වැඩේ අකුලා ගත්තනම් අද මේ රටේ නිදහස් අධ්‍යාපනය කියල එකක් නැති වෙන්න තිබුණා. එහෙම වුණානම් අද අපි කවුරු කවුරුත් අධ්‍යාපනේට ගෙවනවා. හැබැයි එහෙම වුණානම් මෙහෙම එකකුත් තියනවා. එහෙනම් අද ඔය අන්තර මොනවත් නෑ. මොකද අතින් සල්ලි ගෙවලා කැම්පස් ආවනම් සමාජවදෙ හොයන්නවත් වෙන්නෙ නෑ. අතින් කාලා විප්ලව කරන උන් අද නෑ. තමන්ගෙ සාක්කුවෙන් යන එක හොදට දැනෙනවා අනිත් ඒවාට වැඩිය. ඉතින් කන්නග්ගර මහත්තයාට පින්සිද්ද වෙන්න නිදහස් අධ්‍යාපනේ ලබාගෙන ඒ මනුස්සයා සමරන්නෙ මොකටද කියලා අහන ගමන් කොහෙවත් හිටපු කැස්ට්‍රෝ සමරන උබල ලඟ තියෙන්නෙ වෙන මොකුත් නෙවෙයි. ගුණමකු කම. උබලගේ පරගැති කම
අපි නම් දන්නෙ නෑ. චේ ලා කැස්ට්‍රෝලා, හොරෙන් හොරෙන් ඇවිත් උබල ඔය රැකගන්න කියලා ගුටි කකා දගලන නිදහස් අධ්‍යාපනේට මොකුත් කරල ගියාද කියල. රට වටේ මුහුද තියන අපේ රටේ උබල වගේ අල ගෙඩි රැල්ලට විසිවෙන එකේ පුදුමයක් නෑ. සමරපල්ලා, චේ ලා කැස්ට්‍රෝලා. මූණෙ බැරිනම් පු*ත් ගහගනිල්ලා. හැබැයි අපේ උන්ට ආදරේ කරපල්ලා. මුලින්ම. මොකද අපේ උන් නැත්නම් උබලට අද මේ තියන කිසි දෙයක් නෑ. උන් අමතක කරන්න එපා. පිට රටින් එන ඔක්කොම ගත්තත් වැඩක් නෑ. අපේ කම නැතුව. ගගෙන් වතුර බීලා මුහුදට ආවඩන්න එපා ළමයි. නිදහස් අධ්‍යාපනේ අපිට ඕනෙ. එ්කට සයිටම් වහල විතරක් බෑ. වමේ ගිහිල්ලත් බෑ. කොමියුනිස්ට් වෙලත් බෑ.

ලැජ්ජයි.

කැස්ට්‍රෝට ලව් කරන පරම්පාරවක් මිසක් කන්නග්ගරට ආදරය කරන පරම්පාරවක් අපිට නැති වුණාට
ගරු කළ යුතු මනුස්සයට ගරු කරන්න. නිදහස් අධ්‍යාපනේ පියාට එහෙම සලකන්න එපා. අපි අද නිදහස් අධ්‍යාපනේ භුක්ති විදින්නෙ ඒ මනුස්සයා හින්දා. දේශපාලන ගැතියො වෙලා ඒ මිනිස්සු කපලා දාන්න එපා. මේ රටට වැඩක් කරපු මිනිස්සු සිහිකරන්න. සමරන්න ඒ අයගේ දේශපාලනේ ජාතිය ප්‍රතිපත්ති අදාළ නෑ. රටට කරපු සේවය ගැන පමණක් හිතන්න. මොකද අපි ඔක්කොම ඒවා අද භුක්ති විදිනවා.

“පූජාච පූජනීයානං -ඒතං මංගල මුත්තමං“