Thursday, September 15, 2016

SLIIT Walk

මේ දිනවල ජනප්‍රියම මාතෘකාව වී ඇත්තේ SLIIT Walk එකය. බුකිය රත්වන තුරු අන්තරේ උත්තමයින් සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් දෙකට බෙදී කා කොටා ගන්නා සිනමා පටය පොප්කෝර්න් බාස්කට් එකක් සහ කොකාකෝලා මෙගා එකක් අහවර වන තුරු රස විඳීමෙන් අනතුරුව, මෙය කොටා නොසීටීමට ඉඩ නොදෙන තරම් බලවත් ව නැගුණු අධික වූ කැසිල්ල හේතුවෙන්ම පරිගණකයේ යතුරු පුවරුව මෙසේ අතට ගතිමි.

SLIIT Walk එක ගැන කරුණු කාරණා ගෙනහැර දැක්වීමේ අවශ්‍යතායක් මට නැත. ඒ අදාළ කරුණු කාරණා අන්තර්ජාලය ඔස්සේම ඔබ දැක ඇති බැවින්ය. මධ්‍යස්ථ මිනිසුන්ගෙන් වෙනසක් දැක්කාද යනුවෙන් එක්තරා පෝස්ටුවක් විය. ඔව් දැක්කා, මේ කොටන්නේ ඒක කියන්න තමයි.

SLIIT එකත් නෑවෙ නෑ කියන්න බෑ. මොකද උස්සන් ගිය සමහර බෝර්ඩ් මේ ලෝකෙ රහකට නැති හින්ද. අන්තරේටත් ඒක පට්ටම කණා මුට්ටිය. අර හන්දියේ ඉන්න බලු රැලට මස් කට්ටක් සෙට් වුණා වගේ. මොකුත් නැතුව බැණුම්ම අහලා කර වෙලා ඉන්න වෙලාවෙ ඉහේ කඩන් වැටුණ පොට්ට චාන්ස් එකනේ. දැන් ඒකම අල්ලන් දගලනවා. දැන් ඒ ගොල්ල කියනවනේ සටන නිදහස් අධ්‍යාපනේට කියල. ප්‍රයිවට් ගොල්ල කියනවා සල්ලි දුන්නට ඩිගිරිය දෙන්නෙ නෑ කියලා. ඔව් ඔක්කොම හරි කියමුකෝ. ඒ කොරලා අපි බලමුකො මධ්‍යස්ථ මිනිස්සු මොකද කියන්නෙ කියලා.

අන්තරේ කියන එක ගැන පොඩ්ඩක් ගමුකො මුලින්ම. රටම දන්නවා උන් කරන්නේ මොන ආණ්ඩුව ආවත් මොකාක් හරි ලෙඩක් ඇදලා ගුටි කාලා කඳුලු ගෑස් කාලා පොඩි ආතල් එකක් ගන්නවා ඇරෙන්න කරන රෙද්දක් නෑ කියන එක. ඒකත් කීප දෙනෙක්ගේ පෞද්ගලික උවමනාවල් වලට මුලු කැම්පස් එකක ළමයි දක්කන වැඩක්. හැම ලබ්බම දියව් වහපියවු කියල බෑ බොලව්. රට තියන තැන තේරුම් ගනියවු බොරුවට කෑ ගහන් නැතුව. දැන් සමහරක් කට්ටිය අඩනවා උඹල හෙන පව් කියල. මොකටද, SLIIT එකෙන් වැදුණ හින්ට් වලට. ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් තියනවා. අපේ උන් ප්‍රතික්‍රියාව ගැන කථා කළාට ඒකට අදාළ ක්‍රියාව අමතක කරනවා. මෙතනත් එහෙමයි. මොකද මුන් හිතන් ඉන්නෙ කැම්පස් ගන්නෙ 150 යි නම් 151 ට ඉන්න එකා ගොන් බිජ්ජෙක් කියලා. ඒක හැදෙන්න ඒනෙ මුලින්ම. ඒවා ඉතින් හිතන්න පුලුවන් මිනිස්සුන්ට තේරෙන කථා. පෘතග්ජන මිනිස්සු වුනාම තමන්ට කරපුවගේ ඇරියර්ස් අල්ලනවා. දැන් ඒක අල්ලන් අන්තරේ මාකටිං කරනවා. අර කෑගහගෙන අරලිය ගහ මන්දිරේට රිංගන්න ගිහින් හැමදාම ගුටි කනවා වගේ. ඕනැම ගොනෙක්ට තේරෙනවා ඒ වගේ තැන් වලට වලි දාගෙන යන්න ගියාම මොකා වුණත් ගමකට කනවා කියන එක. මුන්ට මෙච්චර කාලත් ඒක තේරෙන්නෙ නෑ එක්කො තේරුණත් ගනන් ගන්නෙ නෑ. දත් 4ක් 5ක් ගැලවෙන්න බැටන් පොලු පාරක් කෑවනම් අම්මට සිරි........... අවුරුද්දකට ඇති සිසු විරුවො වෙන්න. උබලා විරුවො නෙවෙයි අහිංසකයො බිල්ලට දීලා මඟුල් නටන සිසු එළුවො.

SLIIT Walk එක ගැනත් ගමුකො. අවංකවම ලැජ්ජයි. උඹලගෙන් එහෙම එකක් බලාපොරොත්තු වුණේම නෑ. මොකද තවමත් මේ රටේ මිනිස්සු ඉන්නව ඔළුව කියන එක තොප්පිය දාන්න විතරක් පාවිච්චි නොකරන උන්. එහෙව් එකේ උඹළත් ඔහොම කරද්දි ලොකුම ලොකු අවුලක් එතන තියනවා. සමාජ සත්කාරෙ හරි. ඒක වෙනම දෙයක්. ඒත් ඒක වටින්නෙ හරියට වැදගත් විදිහටම කළානම්. එහෙනම් අද එක වචනයක් අහන්න වෙන්නෑ. ඒත් අද බැලුවම දෙගොල්ලගෙම ලොකු වෙනසක් නෑ. SLIIT කඳුලු ගෑස් ගුටි කෑවෙ නැතුවා ඇරෙන්න. උබලා විතරක් නෙවෙයි රජයෙ විශ්ව විද්‍යාල වලිනුත් සමාජ සත්කාර කරනවා. ඒ ඒ අදාළ ශිෂ්‍ය සංවිධාන වලින් මිසක් අර අන්තරේ කියන ලබ්බෙන් නම් නෙවෙයි. අන්තිමේ උඹළත් බලේ පෙන්නල රැගිල්ලක් දැම්මා විතරයි.

හරි ඔක්කොම තියල අපි අර මධ්‍යස්ථ එකා ළඟට පොඩ්ඩක් යමු.  අර දුර ඈත පිටිසර ගමේ ඉස්කෝලෙට ගිහින් රජයේ විශ්ව විද්‍යාලෙට එන කඩයප්පන් හදන සීලවතී නැන්දගෙ පොඩි කෙල්ලටවත්, දවසම ප්‍රයිවට් කැම්පස් ගිහින් රෑ දෙගොඩ හරිය වෙනකන් අරෙහෙ මෙහෙ පාර්ට් ටයිම් වැඩ කරල කෝර්ස් ෆී එක හොයා ගන්න ටේලර් ගුණේගේ ලොකු කොල්ලට වත් උඹළගේ මේ අන්තරේ පිකටිං, Walk වලින් වැඩක් නෑ. උන් එන්නේ හීන 1000ක් හිතේ තියාගෙන. ඉගෙන අරන් රස්සාවක් කරල පොඩි ගේ කෑල්ලක් හදන් අම්මට තාත්තට සලකන්න. උන්ට වටින්නෙ ඒක. වෙන ලබ්බවල් නෙවෙයි. උබල නැති කරන්නේ ඒ හීන. දවසක හෙන ගහනවා බලන් ඉදපල්ලා.

ඒ කෙල්ල කැන්ටිම ගාව උප සංස්කෘතික හීනමානසික ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියො ඉස්සරහ තමන්ගෙ ආත්ම ගරුත්වය කෙළෙසාගෙන ගමට ඇවිත් අඩනවා ආයෙ යන්න බෑ කියල. අර කොල්ලා දහ අතේ කල්පනා කරනවා පන්තියට ගෙවන්න සල්ලි නැතුව. මහපොළ අරන් බඩු කුඩු ගහන උන් ඉන්නවා. අරෙහෙත් ඉන්නව බෙන්ස් එක දක්කන් ඇවිත් wssup brooooo ගාන් යද්දි රිසෙප්ෂන් නගා නැගිටල good morning කියන උනුත්.

ප්‍රයිවට් ගිහින් එකට කුට්ටිය දෙන්න බැරි වුණාම ඒවගෙන් අපිටත් සැලකිල්ලක් නෑ. අන්තරෙන් නම් පු* උඩ දාන් කෑ ගහනවා දියව්..... කියලා. රාජය ආදායමෙන් 60% මිලියන 1.5 ක රාජ්‍ය සේවකයිනට ගෙවන අපේ රටේ උසස් පෙළ ලියන හැම එකාටම අධ්‍යාපනයක් දෙන්න තත්ත්වයක් නැති රටක අපි ඉන්නවා කියන එක අන්තරේට තේරෙන්නෑ. නිදහස් අධ්‍යාපනේට පින්සිද්ද වෙන්න හැම දේම නිකන්ම ලැබෙන හින්දා පිරිවැය සංකල්ප තේරෙන්නේ නෑ මම හිතන්නේ.

යකුනේ අපිත් කැමතියි ප්‍රයිවට් කැම්පස් නිකන් උගන්වනවනම්. ඒත් එහෙම කරන්න ගියොත් ඒවා වහන්න වෙනවා ආයතනික සහ අධ්‍යාපනික වියදම් දරන්න විදිහක් නැතුව. මොකද ආණ්ඩුවට ඒවා ගෙවන්න බෑ තව අවුරුදු 100 කටවත් රටට ඇති වෙන්න කැම්පස් හදන්නත් බෑ. රජයේ විශ්ව විද්‍යාල වුණත් ලාභ උපයන ආයතන නොවෙන හින්දා ප්‍රයිවට් යනවා ඇරෙන්න අර කැම්පස් යන්න ලැබෙන්නැති 84% ට විකල්පත් නෑ. දියව්, කරපියව්, වැඩිකරපියව් කියලා අග මුල නැතුව කෑ ගහන අන්තරේ ඕක තේරුම් ගත්ත නම් මේ සටන කියන එක සාධාරණයි. ඒක කරන්න ඕනේ ප්‍රයිවට් කැම්පස් වල දෙන අධ්‍යාපනයේ තත්ත්වය ඉහළ නංවමු කියන මාතෘකාවට මිසක් ඒවා වහපියව් කියලා නෙවෙයි. මොකද සමහර ප්‍රයිවට කැම්පස් වල ඒ ප්‍රශ්නෙ තියනව. අධ්‍යපනය කියන එක කොලිටි වෙන්න ඕනෙ. නැතුව ඒකෙන් ගෙවන ගානටවත් වැඩක් නෑනේ. ඒ කොහොම වුණත් රටේ තියන ප්‍රයිවට් කැම්පස් ටිකයි සෙමි ගවර්මන්ට් ටිකයි වහපියව් කියල බෝර්ඩ් 100ක් උස්සද්දි අස්සෙ පොඩියට කියනවා කැම්පස් ඉන්ටේක් වැඩිකරපියව් කියල. අනේ නෑ. ඒ කුහක කම නෙවෙයි. ආදරේට.. නිකමට ආසාවට අර යාපනේ ගුටි කාපු කොල්ලා ගැන කථා කලේ නැති අන්තරේ කියන එකෙන්, රට තියන තැන තේරෙන් නැතිව කරන්නන් වාලේ කරන විප්ලවෙත් අර සයිටම් වගේම තමා. දෙකම එකයි. සයිටම් එක කියපු හින්දා මේකත් කියන්නම්. ඒකත් කරන්න ඕනෙ වහන එක නෙවෙයි. ඒකෙ තත්ත්වය ඉහළ නංවන එක. ඒවා ගැන ඕනෙ වුණොත් පස්සෙ කථා කරමු.

ඔන්න ඔහොම විප්ලව වොල්ක් මැද්දෙ මධ්‍යස්ථ අපි බලන් ඉන්නවා. මොකද්ද මේ පිස්සුව කියල. මාසෙ ජීවත් වෙන්න සල්ලි ටික නැතිව ගෙදරින් සල්ලි ටිකක් ගෙන්න ගන්න හදද්දි කට්ටියක් බලෙන් ගුටි කන්න එක්ක යනවා, අනිත් උන් වොල්ක් එක්කං යනවා. මධ්‍යස්ථ උන්ට ඔය දෙකෙන්ම වැඩක් නෑ. ඒ හින්දා උබලා කෙලගන්න කලින් හිතපල්ලා. ඔය එක බත් එක කාපු එකා එක්ක උබ ඔය ගහගන්නේ. මොකක් හින්දද?  කොහෙවත් ඉන්න කාලකණ්නි කීපදෙනෙක්ගෙ පෞද්ගලික උවමනා වලට උඹල දහස් ගාණක් බෙදිල කඩේ යන හින්දා. උඹල එකතු වුණොත් ඔය එකෙක්ට යන එන මං නෑ. උන් තමයි අර කිරි කළේට ගොම දැම්ම වගේ ආණ්ඩුවෙ කැම්පස් ටික කාලා දැන් ප්‍රයිවට් ඒවත් කන්නෙ. ඉතින් ළමයි, උබලා ඔය අන්තරේටයි Walk වලටයි කඩේ යන එක නවත්තලා තම තමන්ගේ කුණු උඩ හුණු ගාන්න හදන එක නවත්තපල්ලා. දෙකම පට්ට චාටර්. එච්චරයි. අඩුම ගානේ අර අන්තරේ නරි ටිකට මාකටිං කොරන්න පොයින්ට් හදල දෙන් නැතුව හිටපියවු. බුකිය පැත්තෙ එන්න නෑ ගඳ ගහනවා රෙද්ද. කීප දෙනෙක් අැති ඔක්කොම කන්න. උන් වෙනුවෙන් නටලා හත් පොලේ ගා ගන්න එපා.

රජයේ විශ්ව විද්‍යාල සහ පුද්ගලික විශ්ව විද්‍යාල යන දෙකේම සුපිරි බොක්කවල් සිටින මම ද කට්ට කාගෙන ප්‍රයිවට් ඉගෙන ගන්න එකෙක්මි. රටේ අධ්‍යාපනයේ ගැටළුවක් ඇති බව දනිමි. එක පරයෙක්වත් (විශේෂයෙන් අන්තරේ, මොකද ඒකට කඩේ යන උන් අඩන්නේ ඒකෙන් තමයි විසදන්නෙ කියලනේ, රෙද්ද තමා) ඒ ගැටළුවට සාධාරණ කාලීන විසදුමක් සෙවීමට මහන්සි නොවන බවද දනිමි. එවැනි අවස්ථාවක මේ සිදුවී ඇත්තේ එකේකා තම තමන්ගේ බලය ගෙනහැර දැක්වීමක් විනා අන්කිසිවක් නොවන බව මධ්‍යස්තව සිටින එකා හොඳාකාරව දනී. ඔය මොක ගියත් යන්නේ පාරෙ නේ. ඉතින් උන් හෙනට කටු කනවා. මධ්‍යස්ත අයට උබලාගේ Walk එකෙන් වත් අන්තරෙන් වත් වැඩක් නොමැති බව පමණක් කියා සමුගනිමි.

සිත් රිදවාගැනීම් අදාළ නොමැති බව කාරුණිකව සලකන්න.

මගේ කථාව අවසානයි අසා සිටි ඔබ සැමට ස්තූතියි.


සැයු - අධික ධාරිතාවන් දරන ස්වයං චින්තනමය හැකියාව නොමැති අන්තවාදී මන්ද බුද්ධිකයන් සමඟ සංවාදයට විවෘත නැත. පැයෙන් පැයට කොටි ගැහුවා වගේ අප්ඩේට් දාන්න එපා යකුනේ. අප්පිරියයි.