Thursday, November 12, 2015

අරක වහපියව් මේක වහපියව්...අන්තරේ ගිගුරුම් හඬ. දුකේ බැරුවා. කට්ටියට මාර ගේමක් දෙන්නෙ නිදහස් අධ්‍යාපනේ කියල.




(මෙය විශ්වවිද්‍යාලීය අධ්‍යාපනය ලබන්නා සහ ලැබුවා වූ හිත හොද සුළුතරය වෙත නොව බහුතර කුහතයන් සඳහා පමණක් අදාළ වේ.)

මෙහෙමයි ඉතින්. පේරා යුනිවර්සිටිය ඉස්සරහ ලස්සනම ලස්සන බෝඩ් කෑල්ලක් දැක්කා. ඒකයි මේක කොටන්න හිතුණේ. නවත්තපල්ලා. එපා කියපල්ලා. උඹලත් එක්කම එකට ඉස්කෝලෙ ගියපු උන් ගොඩයන එකට උඹල ඔය එපා කියන්නෙ. ඇයි බන් ඔච්චර ඉරිසියා කරන්නෙ? ලක්ෂ ගාණක් උසස් පෙළ කරල දහස් ගාණක් විතරක් කැම්පස් ගත්තම අනිත් උන් පොල් කඩන්නද ඕනේ?

රටකට අවශ්‍ය දොස්තරවරු, ඉංජිනේරුවන් සහ කළමණාකරුවන් පමණක් නොවේ. රැකියා වෙළද පොළ දිනෙන් දින පුළුල් වන්නකි. මිනිසුන්ගේ හැකියාවන් සාපේක්ෂව වෙනස්ය. රැකියා වෙළඳ පොළ ඉලක්ක කර ගත් උසස් අධ්‍යාපනයක් රාජ්‍ය විශ්ව විද්‍යාල තුල නැත. සිසු සිසුවියන්ගේ හැකියාවන් මොට කර දමමින් බහ තේරෙන වයසේ සිට දොස්තරවරු, ඉංජිනේරුවන් සහ කළමණාකරුවන් වන්නට පාර කපන්නේ දෙමාපියන්, ගුරුවරුන් පමණක් නොව රූපවාහිනි දැන්වීම් වල පවා දක්නට ඇත්තේ එයය. අප මේ කථා කරන්නේ එම තැනට යන්න බැරි වන එකා බූරුවා වන එහෙව් සමාජ ක්‍රමයක් තුළ සිටගෙනය.

අලියෙක්ට ගස් නගින්න කීවාට ඌට ගස් නගින්නට බැරිය. මාළුවෙක්ට දුවන්නට බැරිය. වදුරාට බර උස්සනට බැරිය. හාවාට පීනන්න බැරිය. නමුත් මෙම පරීක්ෂණ ඒ ඒ සතාගේ හැකිය මත පදනම් වූවා නම් උන් අපූරුවට පාස් වනු ඇත. අපේ උසස් පෙළද මේ වගේමය. එබැවින් Z එක මදිවූ එකා මෝඩයා ලෙස හංවඩු ගැසීම අසාධාරණ බව නම් කිය යුතුමය.

පෞද්ගලික ආයතන වල උසස් අධ්‍යාපනය හදාරන අපට නුඹලා ගැන ඉරිසියාවක් නොමැත. අප සතුටු වන්නේ නුඹලා වැනි නරුමයන් අතර නවක වදය විදිමින් සිටීමට සුදුනොවීම ගැනය ඒ ගැන නුඹලාට ඉරිසියාවක් වේදැයි යන්න අපිට නම් අදාළ නැත. ඇතැම් විට මේ සියල්ලටම හේතුව එයම විය හැකිය. මොකද උඹලාගේ අමන සංස්කෘතිය පෞද්ගලික විශ්ව විද්‍යාලය තුළ නොමැති බැවින්ය.

මෙච්චරයි කියන්න ඕනේ. කැම්පස් තේරුනේ නෑ කියල කවුරුවත් මෝඩයෝ නෙවෙයි. සිස්ටම් එක අපේ talents measure කරන්නෙ නෑ. ඒකයි අවුල. දොස්තරල, ඉංජිනේරුවෙ වෙන් නැතුව තමන්ගෙ හැකියාව පස්සෙ යන එකා බූරුවා කියල හංවඩු ගහන්නෙ මේ කාලකණ්ණි සමාජය. තනියම ගොඩයන්න හදනා එකා බූරුවා වෙල පිනට යන එකා උත්සහවන්තයා වෙන්නෙ ඒකයි. අපේ සමාජෙ නිකන් ලිදේ ඉන්න ගෙම්බො වගේ, එතනින් එහාට ගිය ලෝකෙ දැකල නෑ. පෙන්වන්න හැදුවට බලන්නෙත් නෑ. හැම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්ම කැමතියි තමන්ගෙ ළමයා ඉගෙන ගෙන තැනකට එනවට. විශ්ව විද්‍යාලෙ එන්න බැරි වුණා කියලා අපි මෝඩයො නෙවෙයි.

ප්‍රයිවට් කැම්පස් එන හැම එකාම සල්ලි ගස් වලින් කඩන උන් නෙවෙයි බොල. ඉඩ කඩම් ගෙවල් දොරවල් උකස් කරගෙන මොනව හරි ඉගෙන ගන්න දගලන උන් ඕනෙ තරම් ඉන්නව. ඒ රට අල්ලනවත් තොපිට කෙළවන්නවත් නෙවෙයි. කැම්පස් එන්නෙත් දුප්පත් උන්ම නෙවෙයි නෙ. මහපොළෙන් කාර් එකට පෙට්‍රල් ගහන උන් කීයක් ඉන්නවද? උඹලට තියෙන්නෙ කුහක කමයි ඉරිසියාවයි. කැම්පස් යන්න බැරි වුණ එකාට තියන චාන්ස් එකට කෙලවන්න හදන්නෙ ඒකනෙ. මේකද උඹලගෙ මහ ලොකු සහෝදරකම?

දැන් උඹල රෙදිත් ගලවන් පොලීසියට බැන්නෙ අර HNDA සෙට එක ගුටි කෑව පාර. නිකන් අහන්නෙ. දැන් උඹලගෙ හීනමානෙ නැති කොරගන්න අර නවක වදේ කියල රෙද්දක් දෙනව නේද? දැන් ඔය “බුද්ධිමත්“ උපාධි අපේක්ෂක නවක වධකයො ටික, නෑ මම කීවෙ සහෝදර සහෝදරියො ටික අළුතෙන් එන කෙල්ලො අල්ලන් කුණුහරුපෙන් බැන බැන යට ඇදුම් ගලවල ගෙදර තියල එන්න කියන්නෙ? ඒවා කමක් නැද්ද දන්නෑ නේ, ඒත් උඹලගෙ නංගිලා. යකෝ තොපි කරන සක්කිලි වැඩ හන්දියෙ ඉන්න නාට්ටාමියෙක්වත් කරන්නෑ බොල. ඒත් උඹල සිංහල භාෂාවෙ තියන කුණුහරුප ඔක්කොම අරන් පොලීසියට බැනපු හැටි දැක්කම තොපි කරන වැඩ වලට බනින්න අමුතුවෙන් කුණුහරුප හදන්න ඕනෙ. තොපි එච්චර සවුත්තුයි.
බොරුවට කෑ ගහන්න එපා බන් පාරවල් ගානෙ. උඹල ඔය නිකන් ඉගෙන ගන්න උපාධියට අපි ගෙවනව. අපේ අම්මල තාත්තල වගේ දහස් ගාණක් කැම්පස් යන්න බැරිවුණ ළමයි ඉන්න පවුල් වලින් උඹලගෙ අධ්‍යාපනේට ගෙවනව. අපිට අපේ course fee එක ගෙවි ගන්න බැරි වුණත් අපි උඹලගේ course fee එක ගෙවන එක මඟ ඇරල නෑ බන්.

 උඹලට නිදහස් අධ්‍යාපනයක් ආරක්ෂා කරන්න කිසි ඕනෙ කමක් නෑ. එකේකාගේ ඕනෑ එපාකම් වලට උඹලා බොරුවට කෑ ගහනවා විතරයි. උඹලට උපාධි කොළේ අතට ගත්තට පස්සෙ ඕවා මතක නෑනෙ. බස්වල කෑ ගහන් කැට උස්සන් එනවා ආදරණීය අම්මෙ තාත්තේ අක්කේ අයියේ නංගියේ මල්ලියේ කියන්. උපාධිය ගත්තට පස්සෙ ආදරණීය අම්මල තාත්තල අක්කල අයියල නංගිල මල්ලිල ඉන්න පළාතක උඹල නෑ. එදාට ප්‍රයිවට් හොස්පිටල් ගානෙ. අනිත් උන් රටේ වත් නෑ. මම දැකල තියනව සමහරු ඉස්කෝලෙට වුණ දේ කැම්පස් එකට වෙන්නැති වෙන්න සටන් කරනව. යකෝ 13 වසරට ආපු දවසේ ඉදන් පෞද්ගලික පන්ති වල තැපලා ඇඩ්මිෂන් ගන්න විතරක් ඉස්කෝලෙ ඇවිත් උපාධිය අරන් කොයි වෙලේද චැනල් සෙන්ටර් එකට දුවන්නෙ කියල බලන් ඉන්න උඹලට රට තියා ඉස්කෝලෙ හදන්නවත් බෑ බොල. වහපියව් ඔය චැනල් සෙන්ටර් ටිකත්. කලින් ගෙදර යන්නත් පුළුවන්නෙ ආයුබොවන්. තොපට ප්‍රයිවට් ඒවගෙ ලගින්න හොදයි. අපි ගියාම තමයි අමාරුව. පිටරට ගිහින් ඉගෙන ගෙන එන උන්ටත් කෑ ගහපියවි රෙද්ද.

අපිටයි වැරදුනේ. අපි හිතුවා උඹලා අපිත් එක්ක එක බත් එක කාපු උන් කියල. ඒත් එහෙම නෑ. උඹල තනියම බත් එක ගිලල ඉන්ටර්වල් එකේ ඉතුරු විනාඩියෙ ගණන් හදල අපිත් එක්ක සෙට් එකේ ඉන්නව වගේ බොරුවට හිටපු උන්. උඹලට කවදාවත් ඒ බොක්ක තිබුණේ නෑ. උඹලට තිඹුනෙ ආත්මාර්ථකාමී කම විතරයි. අපිට අවුලක් නෑ මචන්. අපිට උඹල ගැන ඉරිසියාවකුත් නෑ. කැම්පස් යන්න බැරි වුණ එකාට උඹල ගාව නැති මනුස්ස කමක් තියනවා. අපිට ඒ අැති. අපි මහන්සි වෙලා ගෙවල ඉගෙන ගන්න එකේ අමාරුව අපි දන්නව. ලක්ෂ ගණන් ගෙවල ඇසයිින්මන්ට් කරල අපිත් නප්පෙට හෙම්බත් වෙලා ඉන්නෙ. උඹලට නිකන් දෙන එක ඉගෙන ගන්නවත් පින නෑ.

කොටින්ම අපිට දුක නෑ මචන් උඹල එක්ක කැම්පස් ආවෙ නෑ කියල. තොපි වගේ එකාට එකා නැති කුහක කෙල්ලන්ට පෑන්ටියත් නැතුව එන්න කියන උඹලා වගෙ අසහනකාරයෝ එක්ක ඉන්න නැතිවෙන්න අපි සිරාවට පින් කරල තියනවා. අම්මල තාත්තල අපේ උපාධියට ගෙවන්න කන කටු අපි දන්නවා. අපිට ඒකෙ වටිනාකම දැනෙනවා. අවාසනාව උඹල නිකන් ගන්න උපාධියෙ මුදල ගෙවන උන්ගෙ දුක උඹල දන්නැති එකයි. දන්නව නම් උඹල ඔය උපාධියට ඔයිට වැඩිය සලකනවා බොල. උඹලා ඉගෙන ගත්ත ඉස්කොලෙට ආදරෙත් නෑ, කැම්පස් එකට ආදරෙත් නෑ. කෙටියෙන්ම උඹලට රටෙන් වැඩක් නෑ. උඹලට ලොකු බඩවල් විතරයි. උඹල හදන්නෙ තනියම ගොඩ යන්න. ඒකනේ මේ ඔක්කොම මඟුල් නටන්නේ.

පුළුවන් තරම් කෑ ගහපල්ලා. අපිට කෙලවපල්ලා. අපි තරහා නෑ මචං. අපි පාරට බහින්නෙත් නෑ. මොකද අපිට උඹලට වගේ නෙවෙයි. වැඩ තියනවා. හැබැයි බහින්න ව‍ුණොත් අපි බහින් නැතුව ඉන්නෙත් නෑ. එදාට උඹලගෙ ඔය අන්තරේ වගෙ හත් අට ගුණයක පාරට බහියි උඹලට විරුද්ධව. ඒකත් ඔළුවෙ තියාගෙනම ඔය කුහක කම් කරපල්ලා. අපිත් ඉගෙන ගන්න ආසයි. ගොඩ යන්න ආසයි. මේ දගලන්නෙ දොස්තරලා ඉංජිනේරුවො වෙන්න නෙවෙයි, රට අල්ලන්නත් නෙවෙයි. ඒ හින්දා උඹලා උඹලගේ වැඩක් කරගනිල්ලා අපිටත් මොනව හරි කර ගන්න දීලා. එච්චරයි

මීට

නිදහස් අධ්‍යාපනය ලබන්නන්ගේ උපාධිය සඳහා ගෙවමින් ගොඩයන්න කටු කන තවත් එකෙක්