Sunday, May 17, 2015

වීරයා




උඹත් මමත් ඇද උඩ ගොරව ගොරවා සුව නින්දේ පසු වන විට ඌ සිය තුවක්කුව කුට්ටි කැපිය හැකි කළුවරට මානාගෙන මායිම් වැට අද්දර නිදි වර්ජිතව රටක් රැක්කේය. රට නසන්නට පැමිණි පරයින්ට උඹ මම සිටින රට ගෙනියන්නට ඉඩ නොදී මරණය පෙනි පෙනී ඌ සටන් කළේය. අවසානයේ ඌද වෙඩිකා අපි අපේ යැයි තවමත් නොකියන ලක් මෑණිය සිය ලෙයින් නහවා මරු තුරුළට ගියේය.

යුද්ධය අවසාන විය. විජග්‍රහණය සහජීවනයක් විය. මිය ගිය වීරයා වෙනුවෙන් ස්මාරක ඉදිවිය. නමුත් උඹටයි මටයි ඌව අමතක විය.

හෙටත් යුද්ධයක් ආවොත් එදාටත් වීරයෝ ඉපදෙනු ඇත. උන් පරයන්ට එදිරව යළි යළිත්, අභිමනින් සටන් වැද වීරත්වයෙන් මියෙනු ඇත. නැවතත් උන් වෙනුවෙන් ස්මාරක ඉදිවෙනු ඇත. ගුණ ගී වැයෙනු ඇත. වීරයන්ගේ මලකඳන් මතින් යළි යළිත් එකේකා වැජබෙණු ඇත. උඹද මමද ටික දිනකට පසු ඌව නැවතත් අමතක කරනු ඇත.

නමුත් ඌ වැදූ මවට, හැදූ පියාට ජීවත්ව සිටින තාක්කල් උගේ මුහුණ මැවි මැවී පෙනෙනු ඇත. උගේ ආදරණිය සමීපතමයන්ගේ මතකය තුළ ඌ ජීවත් වනු ඇත. රණවිරු ස්මාරක ළග උගේ මව අනේ මගේ පුතා හිටියානම් කියා අඩා වැලපෙනු ඇත. නමුත් ඇයද මළ දවසට උඹට මට කාටවත් ඒ වීරයා සිහි නොවනු ඇත...

Shadow Warrior - Fight for the truth that you believe in, even if you are standing alone against the tide